2022 දෙසැම්බර් 20 වෙනි දින සංස්කෘතික හා සංචාරක දෙපාර්තමේන්තුවේ එක් අංශයක් වන අබුඩාබි අරාබි භාෂා මධ්‍යස්ථානය, අරාබි භාෂාව ප්‍රගුණ කිරීම දිරිමත් කරන නව්‍ය ස්මාර්ට් ෆෝන් යෙදුමක් සංවර්ධනය කිරීමට සහය පලකොට තිබෙනවා.

‘Scan and Learn Arabic’ යෙදුම, ස්මාර්ට් ෆෝන් සහ ටැබ්ලට් පරිශීලකයින්ට නගරය වටා ඇති වස්තූන් ස්කෑන් කිරීමට ඉඩ සලසයි. ඉන්පසු එම වස්තූන්ට අදාල නාමය අරාබි භාෂාවට පරිවර්තනය කිරීම සිදුවෙයි.

භාෂා ඉගෙනීම තුළින් පෝෂණය කරන ලද සහජීවන සමාජයක් නිර්මාණය කිරීම සඳහා සියලුම රාජ්‍ය ආයතනවල විධානයට සහාය වීම මෙම යෙදුමේ අරමුණයි. මෙම මුලපිරීම මගින් භාෂාව සංරක්ෂණය කිරීම සහ එදිනෙදා සමාජය තුළ එය අඛණ්ඩව භාවිතා කිරීම සහතික කරයි.

මෙය ප්‍රජාවේ සෑම තරාතිරමකම අමුත්තන්ට සහ පදිංචිකරුවන්ට අරාබි භාෂාව ඉගෙන ගැනීමට සහ ඔවුන්ගේ එදිනෙදා ජීවිතයේදී එය වැඩිපුර භාවිතා කිරීමට උපකාරී වේ.

Share.

Comments are closed.