උසම ගොඩනැගිල්ලේ සිට විශාලතම සාප්පු සංකීර්ණය දක්වාත් හොඳම හෝටල් දක්වාත්, එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ වාස්තු විද්‍යාත්මක අරුමපුදුම දේ පිරි සුන්දර නිවහනකි.

එහි අනාගතය, ජීවත්වන මිනිසුන්ගේ මානසිකත්වය, සංචාරක හිතකාමී ප්‍රතිපත්ති සහ පහසු ජීවන තත්ත්වයන් සමඟින්, එය ජාතීන් 200 කට අධික සංඛ්‍යාවකට නිවහනකි. නමුත් රට ගැන කවුරුත් එක හඬින් ආදරය කරන එක දෙයක් තමයි රටේ ආරක්ෂාව.

2022 Gallup’s Global Law and Order වාර් තාව  අනුව, එක්සත් අරාබි එමීර් රාජ්‍ය​යේ මිනිසුන්ගෙන් 92% ක් රට තුළ තනිවම ඇවිදීම ආරක්ෂිත යැයි හැගෙන බව පවසා තිබෙනවා.

පසුගිය වසරේ ජෝර්ජ් ටවුන් විශ්ව විද්‍යාලය එහි කාන්තා, සාමය සහ ආරක්ෂක දර්ශකය නිකුත් කලා. වයස අවුරුදු 15 සහ ඊට වැඩි කාන්තාවන්ගේ සමීක්ෂණයකදී, ප්‍රතිචාර දැක්වූවන් 98.5% කියා සිටියේ තමන් ජීවත් වන ප්‍රදේශයේ රාත්‍රියේ තනිවම ඇවිදීම ආරක්ෂිත යැයි හැඟෙන බවයි.

ආරක්‍ෂාව රටේ පාලකයන්ගේ ප්‍රමුඛතාව වී ඇත. නිරන්තර පොලිස් මුර සංචාර, සෑම අස්සක් මුල්ලක් නෑරම ආරක්ෂිත කැමරා සහ ශක්තිමත් අධිකරණ පද්ධතියක් සමඟ, එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ රට ගෙදර යැයි කියන මිලියන සංඛ්‍යාත ජනතාවට ආරක්ෂිත තෝතැන්නක් බවට පත්ව ඇත. ඩුබායි පොලිසිය ද 2021 දී ආන්තික හදිසි අවස්ථා සඳහා ප්‍රතිචාර දැක්වීමේ කාලය මිනිත්තු 6.74 දක්වා අඩු කර ඇති බව මෑතකදී නිවේදනය කලා.

Share.

Comments are closed.