රාත්‍රී අහස ආලෝකමත් කිරීම සඳහා පොළවෙන් මීටර් සිය ගණනක් ඉහළට නැඟී එන ඩ්‍රෝන 500 ක් ඇතුළත් විස්මිත ඩ්‍රෝන සංදර්ශනයක් නැවත වරක් වාර්ෂික ඩුබායි සාප්පු සැණකෙළියේ (DSF) විශේෂ අංගයක් ලෙස ඉදිරිපත් කෙරෙනවා. 2023 ජනවාරි 29 දක්වා දිවෙන මෙම ඩුබායි සාප්පු සැණකෙළියේ, සෑම දිනකම The Beach, JBR සහ Bluewaters Island වෙතින් සවස 7ට සහ රාත්‍රී 10ට ඩ්‍රෝන් සංදර්ශන දෙකක් සිදු කෙරෙනවා. නරඹන්නන්ට ඩුබායි හි වර්තමාන දර්ශනය සහ එය 2040 වසරේදී කෙලෙස වේද යන්න අදහසක් ඉන් ලබා දෙනවා.

මෙම සංදර්ශනය නිර්මාණය සඳහා ඉතා දිගුකාලයක් සහ ශ්‍රමයක් වැය කොට නිර්මාණශීලීත්වයේ සීමාවන් ඉක්මවා යන ආකාරයෙන් එලි දැක්වීමට බලාපොරොත්තු වෙන අතරම, අහසේ සිත් ඇදගන්නා සුළු කතාවක්ද කියනු ඇත.

මෙම වසරේ, සංදර්ශන දෙකම තාක්ෂණය, රොබෝ තාක්ෂණය සහ අනාගතය වටා ඇති සංකල්පීය අදහස් ගවේෂණය කිරීම සඳහා පුළුල් සංකල්පයක් මගින් ඒකාබද්ධ කොට තිබෙනවා. ඩුබායි හි කතාව නිදර්ශනය කිරීමට ඩ්‍රෝනයානා වලින් ලැබෙන සංකීර්ණ ආලෝක ජාලයක් බාවිත වෙනවා.

පළමු සංදර්ශනය ඩුබායි හි සංචාරකයෙකුගේ දෛනික ජීවිතයෙන් ලැබෙන ආභාෂය නිර්මාණය කො ට තිබෙනවා.

දෙවන ප්‍රසංගය ඩුබායි නගරය හෙට දිනයක් කරා යන ගමනේ 2040 වසරේ දී එය කෙබඳු විය හැකිද යන්න පිළිබඳ දර්ශනයක් ලබා දෙනු ඇත.

මෙම සංදර්ශනයට අති නවීන තාක්‍ෂණය, AR හෙඩ්සෙට් භාවිතය හා ත්‍රිමාණ ආලෝකය මගින් ප්‍රේක්ෂකයින්ගේ හදවතට දැනෙන ආකාරයේ සුවිශේෂි අත්දැකීමක් ලබාදෙනු ඇත. 

විස්මිත ඩ්‍රෝන් ප්‍රදර්ශනය අතපසු නොකරන්න , The Beach, JBR සහ Bluewaters වෙත යන්න. සංදර්ශන දිනපතා රාත්‍රී 7ට සහ රාත්‍රී 10ට පැවැත්වේ.

Share.

Comments are closed.