Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Business»දින තුනක Duty Free සංවත්සර අලෙවිය ඩිරාම් මිලියන 100 ඉක්මවයි
Business

දින තුනක Duty Free සංවත්සර අලෙවිය ඩිරාම් මිලියන 100 ඉක්මවයි

Stanly KularathnaBy Stanly KularathnaDecember 29, 2022No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි Duty Free මෑතකදී එහි 39 වැනි සංවත්සරය සනිටුහන් කළ අතර, දෙසැම්බර් 18 සිට 20 දක්වා මුළු විකුණුම් ආදායම ඩිරාම් මිලියන 107.3 දක්වා ඉහළ ගියා – දින තුන තුළ පුළුල් පරාසයක වෙළඳ භාණ්ඩ සඳහා සියයට 25 ක විශේෂ වට්ටමක් ලබා දුන්නා.

ඩුබායි ඉන්ටර්නැෂනල් සහ අල් මක්ටූම් ජාත්‍යන්තර ගුවන් තොටුපලවල වැඩියෙන්ම අලෙවි වන කාණ්ඩ යට​තේ සුවඳ විලවුන්, ඔරලෝසු සහ රූපලාවන්‍ය ද්‍රව්‍ය ඇතුළත් වුනා. පැය 72 ක සංවත්සර අලෙවිය වෙනුවෙන් එහි ‘Home Delivery’ සහ ‘Click & Collect’ දීමනා සඳහා ද දීර්ඝ කරනු ලැබුවා.

දින තුනක කාලය තුළදී වැඩි​ම අලෙවිය ඩිරාම් මිලියන 26.5 ක් සුවඳ විලවුන් වර්ග වූ අතර , ඩිරාම් මිලියන 10.2 ක ඔරලෝසු අලෙවි වූවා. රූපලාවණ්‍ය ද්‍රව්‍ය ඩිරාම් මිලියන 7.5 ක අලෙවි වී තිබුණා. ඩුබායි මිලෙනියම් මිලෙනියර් දිනුම් ඇදීම සඳහා ප්‍රවේශපත්‍ර අලෙවිය ඩිරාම් මිලියන 7 දක්වා ළඟා වූ අතර, එය ඊළඟ ජනප්‍රියම කාණ්ඩය බවට පත් වුනා.

ඩුබායි ඩියුටි ෆ්‍රී හි විධායක උප සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී Colm McLoughlin පැවසුවේ “දින තුනක සංවත්සර තුළ මෙතරම් විශාල අලෙවියක් අත්කර ගැනීමට හැකිවීම ගැන අපි ඉතා සතුටු වන අතර බොහෝ සංචාරකයින්ට අප විසින් පිරිනමනු ලබන විශේෂ වට්ටම් ලබා ගැනීමට අවස්ථාව ලැබීම ගැන අපි ඉතා සතුටු වෙනවා. මෙම විකුණුම් සාක්ෂාත් කරගැනීමට අපට උපකාර කිරීම ගැන මම සැමට ස්තූති කිරීමට කැමතියි; විශේෂයෙන්ම අපගේ ගනුදෙනුකරුවන් සහ අපගේ කාර්ය මණ්ඩලය ඉහළ මගීන් සංඛ්‍යාවට සේවය කරමින් විශිෂ්ට කාර්යයක් ඉටු කලා.”

මේ අතර, එම කාලසීමාව තුළ අන්තර් ජාලය හරහා විකුණුම් ඩිරාම් මිලියන 7.9 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, Click & Collect සහ Home Delivery සේවාවන් හරහා ලැබුණු ඒකාබද්ධ ඇණවුම් 6,122 ක්ද වූවා. Dubai Duty Free මිලෙනියම් මිලෙනියර් සහ Finest Surprise ප්‍රවර්ධන සඳහා ප්‍රවේශපත්‍ර අන්තර් ජාලය හරහා මිලදී ගන්නට අවස්ථාව ලබා දීතිබුණා.

ඩුබායි ඩියුටි ෆ්‍රී සංවත්සර ප්‍රවර්ධනය දැන් ඉතා අපේක්‍ෂිත සිදුවීමක් වන අතර බොහෝ සංචාරකයින් සියයට 25 ක වට්ටමක් ලබා දෙන දිනවල සංචාරය කිරීමට තෝරා ගනී. ඩුබායි තීරු බදු රහිත සංවත්සර දීමනාව ප්‍රථම වරට හඳුන්වා දෙනු ලැබුවේ වසර 2003 දී ගුවන් තොටුපළ එහි 20 වැනි සංවත්සරය සනිටුහන් කළ අවස්ථාවේදීයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅබුඩාබියේ සියලුම මාර්ගවල ට්‍රක් රථ සහ සමහර බස් රථ තහනම්
Next Article සාජාහි දින කිහිපයක අධික වර්ශාවෙන් පසු මාර්ග යථා තත්ත්වයට
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.