වසර පහකට වැටුප් රහිත දේශීය හා විදේශීය නිවාඩු ලබා ගැනීම සඳහා යොමු කළ අයැදුම්පත්‍ර විසිපන්දහසක පමණ ප්‍රමාණයක් අතරින් මේ වන විට අයැදුම්පත්‍ර 1150කට පමණක් අනුමැතිය හිමිව ඇතැයි අනාවරණය වෙනවා.

රාජ්‍ය සේවකයන්ට වසර 05ක කාලයක් සඳහා විදේශ ගතවීමට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පසුගිය ජූනි 22 වැනිදා නිකුත් කෙරුණා.

ඒ අනුව පසුගිය 15 වැනිදා වන විට පමණක් දේශීය නිවාඩු සඳහා අයැදුම්පත්‍ර 120කටත් විදේශීය නිවාඩු සඳහා අයැදුම්පත්‍ර 911ක් සඳහාත් අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ගත වූ මාස 6 තුළදී පමණක් යොමු කළ අයැදුම්පත්‍ර සඳහා මෙලෙස අනුමැතිය හිමිව ඇති අතර ඉදිරියේදී මෙම ප්‍රමාණය ඉහළ යා හැකි බව රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ මානව සම්පත් හා සංවර්ධන අංශයේ අතිරේක ලේකම් කේ.ආර් උඩුවාවල මහතා පැවසුවා.

බොහොමයක් රාජ්‍ය සේවකයන් කොරියාවට යාම සඳහා විදේශ නිවාඩු ඉල්ලුම් කරන අතර ඉන් වැඩියෙන්ම අයැදුම්පත්‍ර ප්‍රතික්ෂේප වන්නේ භාෂාව පිළිබඳ ගැටලු හේතුවෙන්.

කෙසේ වෙතත් ඔවුන් භාෂාව හදාරා නැවත අයැදුම් කලහැකි අතර ඒ සඳහා අවම වශයෙන් මාස හයක පමණ කාලයක් ගත වන බවත් ඒ අනුව ඉදිරියේදී විදේශ නිවාඩු ඉල්ලුම් පත්‍ර ප්‍රමාණය ඉහළ යා හැකි බවත් පැවසුවා.

Share.

Comments are closed.