Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Law»පත් නොකළ සෑම එමරාතියෙකු සඳහාම වසරකට ඩිරාම් 72,000ක දඩයක්
Law

පත් නොකළ සෑම එමරාතියෙකු සඳහාම වසරකට ඩිරාම් 72,000ක දඩයක්

Stanly KularathnaBy Stanly KularathnaDecember 30, 2022No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2023 ජනවාරි 1 වන දින සිට, 2022 දී පුහුණු රැකියා වලින් 2% කින් එමරාතීකර​ණ ඉලක්ක ඉහළ නොදැමූ සේවකයින් 50 ක් හෝ ඊට වැඩි සංඛ්‍යාවක් සිටින පුද්ගලික අංශයේ සමාගම්වලට දඩ නියම කරන බව මානව සම්පත් සහ එමරාතීකර​ණ අමාත්‍යාංශය (MoHRE) ප්‍රකාශ කලා.

2022 අවසන් වන විට ලබා ගත යුතු අවශ්‍ය ප්‍රතිශතයට අනුව සේවයේ නොයෙදුණු සෑම එමිරාතියෙකු සඳහාම දඩ මුදල මසකට ඩිරාම් 6,000 ක් වන අතර, එ​ය වාර්ෂිකව ඩිරාම් 72,000 කි.

2026 දක්වා වාර්ෂිකව ඩිරාම් 1,000 ක අනුපාතයකින් මාසික දඩ මුදල්වල වටිනාකම ක්‍රමානුකූලව වැඩි වන අතර, එමඟින් සමාගම් ඔවුන්ගේ එමිරේටීකරණ ඉලක්කවල සියයට 10 ක් දක්වා වර්ධන වේගයක් අත්කර ගැනීමට අවශ්‍ය වෙනවා.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යාංශය මෙසේ පවසනවා: “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංවර්ධන ක්‍රියාවලියේදී පුද්ගලික අංශයේ ඵලදායී සහභාගීත්වයක් ලබා ගැනීම අපගේ අරමුණයි, මෙම අංශයේ එමරාතියන්ගේ සහභාගීත්වය ඉහළ නැංවීම තරඟකාරීත්වය, රටේ ව්‍යාපාරික පරිසරය ගැන ආකර්ශනීය බව සහ ස්ථාවරත්වය කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරනු ඇත..”

“එමරාතියන් හට අත්‍යවශ්‍ය ආර්ථික අංශ තුළ ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි බවට අපගේ විශ්වාසය මෙන්ම පුද්ගලික අංශයේ සමාගම්වල වර්ධනය ප්‍රවර්ධනය කිරීමේ අපගේ අභිලාෂය මත පදනම්ව, අපි එමරාතිකරණය සම්බන්ධයෙන් රජය සහ පෞද්ගලික අංශය අතර හවුල්කාරිත්වය දිගටම ක්‍රියාත්මක කරන්නෙමු. දේශීය හා ගෝලීය වශයෙන් අනුප්‍රාප්තික වර්ධනයන් සමඟ වේගයෙන් ගමන් කිරීමට ඔවුන්ගේ හැකියාව වැඩි දියුණු කිරීම” එය වැඩිදුරටත් සඳහන් කළේය.

එමරාතිකරණය පාලනය කරන නීති සම්පාදනය “ශ්‍රම වෙළඳපොළ විවිධාංගීකරණය කිරීම ශක්තිමත් කිරීමට දායක වන අතර ජාතික හා ජාත්‍යන්තර කුසලතාවන්ගේ රැකවරණ​ය සහ වැඩ කිරීමට, ජීවත්වීමට සහ ආයෝජනයට කදිම ගමනාන්තයක් ලෙස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තත්ත්වය තහවුරු කරනු ඇති” බව අමාත්‍යාංශය සඳහන් කළේය.

2022 සඳහා අවශ්‍ය එමරාතිකරණ ඉලක්ක සපුරා ඇති සමාගම් විසින් ගෙන ඇති පියවර පිළිබඳව අමාත්‍යාංශය ප්‍රශංසා කළ අතර, “දැන්, 2023 දී වැඩි බලපෑමක් දැකීමට අපි බලා සිටිමු, 2026 දක්වා එමරාතිකරණ ඉලක්ක 2% කින් වැඩි වන අතර එමිරාති පුහුණු සේවකයින්ගෙන් 10 % කින් එහි ප්‍රතිඵලයක් ලෙස වර් ධනයක් ඇති වේ. “

Nafis වැඩසටහනේ අරමුණුවලට අනුකූලව එමිරාතිවරුන් පුහුණු කිරීම සහ සේවයේ නියුක්ත කිරීම සම්බන්ධයෙන් ගුණාත්මක ජයග්‍රහණ අත්කර ගන්නා සමාගම් සඳහා අමාත්‍යාංශය සහාය සහ දිරිගැන්වීම් ලබා දෙනු ලබනවා.

අමාත්‍යාංශයේ ස්ථාපිත වර්ගීකරණ ක්‍රියාදාමය තුළ පළමු කාණ්ඩයේ සමාගම් ලෙස වර්ග කිරීමට තුඩු දෙන එමරාතිකර​ණ හවුල්කරුවන්ගේ සමාජයට සම්බන්ධ වීම ඇතුළත් වන අතර එමඟින් අමාත්‍යාංශයේ සේවා ගාස්තු මත 80% දක්වා වට්ටම් ලබා ගත හැකි වෙනවා.

Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි හි අලුත් අවුරුදු දිනය වෙනුවෙන් වාහන නැවැත්වීම නොමිලේ
Next Article ගු​වන් කුලී රථ (Flying Taxi) දියත් කිරීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යය සූදානම්
Stanly Kularathna

Related Posts

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.