Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ඇ.ඩො. 20,000ක දඩයක්
Sports

ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට ඇ.ඩො. 20,000ක දඩයක්

Stanly KularathnaBy Stanly KularathnaDecember 30, 2022No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ආසියානු පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයට අමෙරිකානු ඩොලර් 20,000ක දඩයක් පනවා තිබෙනවා.

ඒ, උස්බෙකිස්තානයේ පැවැත්වුණු වයස අවුරුදු 17න් පහළ ආසියානු කුසලාන තරගාවලියට සහභාගිවීම පැහැරහැර ඇති බවට චෝදනා කරමිනි. එම තරගාවලිය ඔක්තෝබර් මස 5 වනදා සිට 9 වනදා දක්වා උස්බෙකිස්ථානයේ පැවැති අතර ශ්‍රී ලංකා වයස අවුරුදු 17න් පහළ කණ්ඩායමද ඊට සහභාගිවීමේ අරමුණින් පුහුණුවීම්ද ආරම්භ කලා.

කෙසේ වෙතත් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ක්‍රීඩා සංගම්වලට ධූර කාලය මාස දෙකකින් දිගු කර දුන් ගැසට් පත්‍රය අවලංගු කිරීමත් සමග ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ සියලු කටයුතු ඇනහිට හිටීම හේතුවෙන් ශ්‍රී ලංකා යොවුන් පාපන්දු ක්‍රීඩකයින්ගේ සහභාගිත්වය අවසන් මොහොතේ නැවතුනා.

ශ්‍රී ලංකා කණ්ඩායම වයස අවුරුදු 17න් පහළ ආසියානු පාපන්දු ශූරතා තරගාවලියේ පළමු කොටසේ තරග සඳහා උස්බෙකිස්තානය බලා පිටත්ව යාමට නියමිතව තිබුණේ ඔක්තෝම්බර් 03 වනදායි.

ශ්‍රී ලංකා 17න් පහළ කණ්ඩායම නියෝජනය කරමින් ක්‍රීඩකයින් 23දෙනෙකු සහ නිලධාරීන් 05දෙනෙකු එම තරගාවලිය සඳහා පිටත්ව යෑමට සූදානම්ව සිටි අතර අදාළ ගුවන් ටිකට්පත් වෙන් නොකිරීම හේතුවෙන් ඔවුන්ට එම තරගාවලිය අහිමි වුණා.

උස්බෙකිස්තාන් සංචාරය සඳහා සියලු කටයුතු සැලසුම්කර තිබුණද  සංචාරයට අවශ්‍ය ගුවන් ටිකට්පත් ලබාගැනීමට එම ගැසට් පත්‍රය අවලංගු වීමෙන් බාධා වූ අතර අවශ්‍ය ගුවන් ටිකට්පත් ලබාගැනීමට මුදල් තිබුණද එයට අත්සන් කිරීමේ බලය ගැසට් පත්‍රය තුළින් අහෝසි වී තිබුණ හෙයින් එම ගුවන් ටිකට් පත් ලබාදීමට නොහැකි වී වූ බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු ප්‍රධානීන් පැවසුවා.

ශ්‍රී ලංකා යොවුන් පිල එම තරගාවලියට සහභාගිනොවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වූ ආසියානු පාපන්දු සම්මේලනයේ (AFC)විනය කමිටුව, තරග නීතිරීති කඩකිරීමේ චෝදනාව මත ඇමෙරිකානු ඩොලර් 20,000ක දඩයක් ශ්‍රී ලංකාවට පැනවීමට කටයුතු කර තිබෙනවා.

ඊට අමතරව ඉදිරි තරගාවලියට සහභාගී වීම සඳහා තහනමක් පැනවීමටද  ආසියානු පාපන්දු සම්මේලනය සලකා බලමින් සිටින බව වාර්තා වෙනවා.

එසේම, ඉදිරි දින කිහිපය තුළ ජාත්‍යන්තර පාපන්දු තහනමට සහ මූල්‍ය සම්බාධකයකට ශ්‍රී ලංකාව ලක්වීමට බොහෝ දුරට ඉඩක් තිබෙන බවද වාර්තා වෙනවා.

Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසාජාහි දින කිහිපයක අධික වර්ශාවෙන් පසු මාර්ග යථා තත්ත්වයට
Next Article ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශකයින්ට හා ශ්‍රී ලාංකාවෙන් පිටත්ව යන ශ්‍රී ලාංකිකයින්ට විශේෂ පහසුකමක්
Stanly Kularathna

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.