2023 ජනවාරි 01 දින සිට බලපැවැත්වෙන පරිදි නව වාහනයක් ලියාපදිංචි කිරීමේදී සහ අයිතිය පැවරීමේදී වාහන අංක තහඩුවෙන් පළාත් අකුරු ඉවත් කෙරේ.

වාහන අංක ස්ථාන සංශෝධනය කිරීම මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා විසින් සිකුරාදා (30) ප්‍රකාශයට පත් කරන ලදී.

රිය අනතුරු අවම කිරීමේ අරමුණින් 2023 වසරේ සිට පොයින්ට් ඇන්ඩ් පොයින්ට් සස්පෙන්ෂන් ක්‍රමයක් හඳුන්වා දෙන බව ශ්‍රී ලංකා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා පවසයි.

මෙම වැඩසටහන සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන ඇති බවත්, කැබිනට් අනුමැතියෙන් පසු එය ක්‍රියාත්මක කරන බවත් ඔහු පවසයි.

“මෙම ක්‍රමය ලකුණු 24 කින් සමන්විත වේ. විවිධ රථවාහන වැරදි සඳහා වෙන වෙනම ලකුණු ඇත. රියදුරෙකු ලකුණු 24 ම ලබා ගන්නේ නම් එම බලපත්‍රයේ වලංගුභාව​ය අවසන් වේ. තවත් අවුරුද්දකට පසු නව බලපත්‍රයක් සඳහා රියදුරන්ට ඉල්ලුම් කළ හැකිය. රියදුරන් නැවත වරක් සියලු පියවර අනුගමනය  ක​ර බලපත්‍රයක් සඳහා ඉල්ලුම් කරන්න” යැයි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය.

Share.

Comments are closed.