ඩුබායි හි ආපනශාලා හිමියෙකු ඔහුගේ සමාජ මාධ්‍ය ගිණුමේ බිල්පතක් බෙදාගෙන ඇති අතර එය අලුත් අවුරුදු උදාවේදී ඩිරාම් 620,926.61 ක විශාල බිල්පතකි. මෙය ශ්‍රී ලංකා මුදලින් රුපියල් හයකෝටියකට වඩා වැඩි මුදලකි.

මර්ක් ටර්ක්මන් Instagram හි මෙම බිල්පතේ පින්තූරයක් පළ කොට තිබුණා. ඩවුන්ටවුන් හි අවන්හලක අමුත්තන් 18 දෙනෙකු සිටි මේසය සඳහායි මෙම බිල නිකුත් කර තිබෙන්​නේ.

මේ ආකාරයේ සමාජ මාධ්‍යවල බිල්පතක් ප්‍රසිද්ධ වී ඇති දෙවන අවස්ථාව මෙය වන අතර, පළමු අවස්ථාව අබුඩාබි හි ජනප්‍රිය Nusr-Et Steakhouse හි රාත්‍රී භෝජන සංග්‍රහයක් වේ.

එය​ද ඩිරාම් 615,065 ක වටිනාකමක් ඇති විශාල බිල්පතකි.

Share.

Comments are closed.