උද්ධමනය අඩු කොට පොලී අනුපාතය පහළ දැමීම, ලැබුවා වූ වසරේ ප්‍රධාන අපේක්ෂාව බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

නව වසර උදාවත් සමඟ පෙරවරුවේ මහනුවරට පැමිණි මහ බැංකු අධිපතිවරයා පළමුව දළදා මාළිගාවට ගොස් දළදා සමිඳුන්ගේ ආශිර්වාදය ලබා ගැනීමෙන් අනතුරුව මල්වතු මහාවිහාරයට ගොස් එහි මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් බැහැ දකිනුලැබුවා. අනතුරුව අස්ගිරි පාර්ශවයට ගොස් එහි මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරතන මහනාහිමියන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය හමුවේදී මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් මෙසේ පැවසුවා.

“ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන වගකීම උද්ධමනය පාලනය කිරීමේ ඉලක්කයේ ප්‍රගතියක් මේ වන විට පේන්න තියෙනවා. උද්ධමනය සාර්ථක අයුරින් පාලනය වෙමින් තිබෙනවා. එමගින් පොලී අනුපාතය පහළ ගිය විට ජනතාව මේ වන විට විඳින අසීරු කම්වලින් මිදී සාමාන්‍ය ජන ජීවිතයක් ගත කිරී​මට අවස්ථාව හිමිවෙනවා. මේ වසරේ පළමු කාර්තුව වනවිට උද්ධමනය තවත් පහළ යනු ඇති. ඉකුත් වසරේදී පැවැති ආර්ථික අපහසුතා වලින් මිදී රටේ ආර්ථිකය යම් ස්ථාවර මට්ටමක් කරා රැගෙන ඒමට මේ වසරේ දී අපේක්ෂා කරනවා.”

Share.

Comments are closed.

Exit mobile version