ඩුබායි විදුලිබල හා ජල අධිකාරිය (DEWA) නිවේදනය කර ඇත්තේ ඩුබායි හි ජනගහනය මිලියන 2.1 ක් ස්මාර්ට් විදුලිය සහ ජල මීටර් වලින් ප්‍රතිලාභ ලබන බවයි. 2016 ජනවාරි මාසයේ දී නිමකළ පළමු අදියරේ දී ස්මාර්ට් මීටර ලක්ෂ 2 සිට මේ වන විට මීටර් මිලියන 2.1 දක්වා වැඩි වී තිබේ.

මෙය ඉහළම ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ස්මාර්ට් සහ දියුණු යටිතල පහසුකම් සංවර්ධනය කිරීමට DEWA දරන උත්සාහයේ ප්‍රතිඵලයකි.

DEWA හි කළමණාකාර අධ්‍යක්ෂ​ක සහ ප්‍රධාන විධායක නිලධාරී Saeed Mohammed Al Tayer මහතා පැවසුවේ, “බුද්ධිමත් නායකත්වයේ උපදෙස් මත, DEWA සිව්වන කාර්මික විප්ලවයේ තාක්ෂණයන් භාවිතා කරමින් උසස් යටිතල පහසුකම් සැපයීමට කටයුතු කරමින් සිටින බවයි.

ඩුබායි ලෝකයේ දක්ෂම සහ ප්‍රීතිමත්ම නගරය බවට පරිවර්තනය කිරීමට අමතරව, DEWA සම්බන්ධ කර නොගෙන තම පරිභෝජනය ක්‍රියාශීලීව සහ ඩිජිටල් ලෙස පාලනය කිරීමට ස්මාර්ට් මීටර පාරිභෝගිකයින්ට හැකියාව ලැබෙනවා.

පාරිභෝගිකයින්ට වෙබ් අඩවිය සහ ස්මාර්ට් යෙදුම හරහා ඔවුන්ගේ DEWA ගිණුම් වෙත ප්‍රවිෂ්ඨ විය හැකිය, ඔවුන්ගේ පරිභෝජනය නිරීක්ෂණය කිරීමට සහ නේවාසික අංශයේ පාරිභෝගිකයින් සඳහා ගාස්තු පිළිබ​ඳ අධ්‍යනයකට ඔවුන්​ට හැකියාව ලැබෙනවා. පාරිභෝගිකයින්ට ඔවුන්ගේ පරිභෝජනය කළමනාකරණය කිරීමට උපකාර කිරීම සඳහා ඔවුන්ගේ පරිභෝජනය සමාන නිවාස සමඟ සංසන්දනය කිරීමේ හැකියාවද පවතිනවා.

Share.

Comments are closed.