ඩුබායි හි 2023 අලුත් අවුරුදු සැමරුම සඳහා වෙන් කොට තිබූ ස්ථාන 30 න් කිසිදු අනතුරක් හෝ තුවාලයක් වාර්තා වී නොමැති බව ඩුබායි පොලිසිය නිවේදනය කරනවා.

ඩුබායි පොලිසියේ ප්‍රධානී ලුතිනන් ජෙනරාල් අබ්දුල්ලා කලීෆා අල් මාරි, උත්සවය සුරක්ෂිත කිරීම​ට, සෑම ස්ථානයකම ගමනාගමනය සුමටව පාලනය කිරීම සහ සැමරුම් පැවැත්වෙන ප්‍රදේශවලට ආරක්ෂිතව ප්‍රවේශ වීමට මහජනතාවට සහය වීම සඳහා විධායක කමිටුවේ වෘත්තීයභාවය සහ කාර්යක්ෂමතාව අගය කළේය.

පොලිස් නිලධාරීන් 10,579 ක් සහ ආරක්ෂකයින් 5,800 ක්, ස්වේච්ඡා සේවකයන් 1,420 ක් සහ මුර සංචාර සහ වාහන 3,651ක් සහ ආරක්ෂක බෝට්ටු 45 ක් මේ සඳහා යොදවා තිබුණා. පරිපූර්ණ සූදානමක් සහතික කිරීම සඳහා වෙහෙස නොබලා කටයුතු කළ ආයතන 48 කින් සමන්විත කමිටුවේ උත්සාහයන් ලුතිනන් ජෙනරාල් අල් මාරි විසින් අගය කරන ලදී

මෙහෙයුම් කටයුතු පිළිබඳ වැඩබලන සහකාර අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් සයිෆ් මුහයිර් අල් මැස්රෝයි පෙන්වා දුන්නේ දෙසැම්බර් 31 සිට ජනවාරි 1 වැනි දින උදෑසන 6 දක්වා කාලය තුළ මෙහෙයුම් බලකාය​ට ඇමතුම් 20,337 ක් ලැබුණු බවයි. හදිසි ඇමතුම් අංකය වන 999ට ඇමතුම් 19,147 ක් ස​හ හදිසි නොවන ඇමතුම් අංක 901 ට ඉතිරි ඇමතුම් 1,190 ලැබී ඇති බවයි.

Share.

Comments are closed.