ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ (RTA) ගොඩනැගිලි සහ පහසුකම් මත සූර්ය බලශක්ති පද්ධති ස්ථාපනය කිරීම 75% දක්වා සීමාවකට ළඟා වී තිබෙනවා. ඩුබායි කාබන් විශිෂ්ටතා මධ්‍යස්ථානය සමඟ එක්ව RTA ගොඩනැගිලි සහ පහසුකම් කිහිපයක සූර්ය පැනල සවි කිරීමට ගොඩනැගිලි සහ පහසුකම් දෙපාර්තමේන්තුව මෙම ව්‍යාපෘතිය මගින් ආරම්භ කර තිබෙනවා. මෙම ‘Shams Dubai’ ව්‍යාපෘතියේ පරමාර් ථයන් ඩුබායි රජයේ දැක්ම, මුලපිරීම සහ ඩුබායි පිරිසිදු බලශක්ති සහ ඒකාබද්ධ බලශක්ති උපාය මාර්ගය සමඟ සමපාත වේ.

“සූර්ය බලශක්ති උත්පාදන​ය මාසිකව මෙගාවොට් 21 (21 MWp) දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කරන අතර එමඟින් ලැයිස්තුගත ගොඩනැගිලි සඳහා විදුලි බිලෙන් 50% ක් පමණ කපා හරිනු ඇත. මෙම ව්‍යාපෘතිය ඩුබායි මධ්‍යස්ථානය සමඟ වසර 20 ක ගිවිසුමක කොටසක් ලෙස සිදු කර ඇත” ෂැම්ස් ඩුබායි මුලපිරීමේ ප්‍රතිපත්තිවලට අනුකූලව පිරිසිදු බලශක්තියෙන් ගොඩනැගිලි බල ගැන්වීමට කාබන් පාලනය සඳහා ඇති විශිෂ්ටත්වය RTA හි ගොඩනැගිලි සහ පහසුකම් අධ්‍යක්ෂ ඉංජිනේරු අබ්දුල් රහ්මාන් අල්-ජනාහි හෙලිකලා.

ව්‍යාපෘතියේ ප්‍රගතිය ගැන ආවර්ජනය කරමින් අල් ජනාහි මෙසේ​ද පැවසුවා: “බස් ඩිපෝ සහ බහු මට්ටමේ වාහන නැවැත්වීමේ පර්යන්ත ඇතුළත් ලැයිස්තුගත ගොඩනැගිලි සහ පහසුකම් 22 න් 15 ක සූර්ය පැනල ස්ථාපනය කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතිනවා. ඉතිරි ස්ථාන වල සූර්ය පැනල සවිකිරීමේ සැලසුම් අනුමත කිරීමට සහ ව්‍යාපෘතිය 2023 අප්‍රේල් මස අවසන් වන විට අවසන් කිරීමට නියමිතයි.” Al-Ruwyyah බස් නැවතුම්පොළ, Al-Khawaneej බස් නැවතුම්පොළ, Al-Quoz බස් නැවතුම්පොළ, Jebel Ali Bus Depot, Al-Qusais Bus Depot, Naif Car Park, Al-Muhaisnah හි RTA දත්ත මධ්‍යස්ථානය, Umm Ramool හි RTA දත්ත මධ්‍යස්ථානය, Al-Sabkha රථගාල, Al-Ghubaiba රථගාල, Al-Jafiliya රථගාල, Al-Awir බස් ඩිපෝව, Oud Metha බස් නැවතුම්පොළ, Al-Satwa බස් නැවතුම්පොළ සහ Muhaisnah හි රියැදුරන්ගේ නවාතැ​​න ද ඇතුළු බොහෝ ස්ථානවල සූර්ය පැනල ස්ථාපනය කිරීම දැනට සිදුවෙමින් පවතිනවා​.

Share.

Comments are closed.