ගල්ෆ් ජාතික කාන්තාවක් වැරදීමකින් තම බැංකු ගිණුමෙන් ඩිරාම් 9,200 ක මුදලක් තරුණයෙකුගේ ගිණුමකට මාරු කර ඇත. මෙම පුද්ගලයා කාන්තාවගේ මුදල් ආපසු ලබා දීම ප්‍රතික්ෂේප කළ නිසා ඇය ඔහුව රාස් අල් කයිමා අපරාධ අධිකරණයට ගෙන යාමට තීරණය කළාය.

මෙම කාන්තාව තම නඩුවේදී කියා සිටියේ තමා අහම්බෙන් ඔහුට මුදල් මාරු කළ බවත්, එම මුදල ආපසු දෙන ලෙස ඔහු හා සම්බන්ධ වූ විට ඔහු එය ප්‍රතික්ෂේප කළ බවත්ය.

කාන්තාව ඔහුට එරෙහිව අපරාධ පැමිණිල්ලක් ගොනු කළ අතර, පසුව නීති විරෝධී ලෙස කාන්තාවගේ මුදල් ලබා ගත් බවට පැමිණිලිකරුවන් ඔහුට චෝදනා කළහ.

කාන්තාවගේ ගිණුමෙන් මුදල් ලැබුණු බව පිළිගත් පුද්ගලයා ඇයට ආපසු ගෙවීමට අවශ්‍ය බව පවසා ඇත. කෙසේ වෙතත්, තමන් මූල්‍ය ප්‍රශ්නවලට මුහුණ දී ඇති බව ද ඔහු සඳහන් කොට තිබෙනවා.

රාස් අල් කයිමා අපරාධ අධිකරණය ඔහු වරදකරු කළ අතර ඔහුට ඩිරාම් 5,000 ක දඩයක් නියම කොට තිබෙනවා. පසුව එම කාන්තාව ඔහුට එරෙහිව සිවිල් නඩුවක් ගොනු කරමින් එම මුදල ආපසු දෙන ලෙස ඉල්ලා සිටියා. අවසානයේ රාස් අල් කයිමා සිවිල් අධිකරණය ඔහුට කාන්තාවගේ මුදල් සහ නීති වියදම්​ද ගෙවන ලෙස නියෝග කොට තිබෙනවා.

Share.

Comments are closed.