ඉන්දියාව සමගින් පැවති දෙවැනි විස්සයි විස්ස තරගයේදී ශ්‍රී ලංකා නායක දසුන් ශානක ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස පිටියේ වේගවත්ම අර්ධ ශතකය වාර්තා  කිරීමට සමත්විය.

ඒ පන්දු 20 කදී අර්ධ ශතකය වාර්තා කරමිනි. මීට පෙර මෙම වාර්තාව ශ්‍රී ලංකා සුපිරි පිතිකරුවන් දෙපළක් වූ මහේල ජයවර්ධන හා කුමාර් සංගක්කාර විසින් සමලෙස දරා තිබිණ.

ඔවුන් දෙදෙනාම අර්ධ ශතකය වාර්තා කර තිබුනේ පන්දු 21 ක් තුළදීය. අන්තර්ජාතික විස්සයි විස්ස පිටියේදී ක්‍රීඩකයෙකු වාර්තා කළ වේගවත්ම අර්ධ ශතකය යුවරාජ් සිං විසින් වාර්තා කර තිබුනේ 2007 වර්ෂයේදී එංගලන්​තයට ​එරෙහිවයි. ඒ පන්දු 12 කදී අර්ධ ශතකය වාර්තා කරමිනි.

Share.

Comments are closed.