ගල් කඩා වැටීමෙන් වීදි මාර්ගය අවහිර වීම නිසා Khorfakkan හි Al Suhub විවේක ස්ථානයට යන මාර්ගය තාවකාලිකව වසා දැමූ බව සාජා පොලිසිය ඉරිදා නිවේදනය කලා. එම ප්‍රදේශයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමඟ මෙම ගල් පෙරළීම සිදුව තිබෙනවා.

මෙම ජනප්‍රිය ගමනාන්තයට පැමිණෙන සියලුම අමුත්තන් ආරක්ෂිත බව සාජා පොලිසිය තහවුරු කරනවා.

ට්විටර් පණිවිඩ මාලාවකින්, තානායමට පැමිණෙන සියලුම අමුත්තන් ආරක්ෂිත බවත්, ඒ සම්භන්ධව බියවීමට හේතුවක් නොමැති බවත් පොලිසිය තහවුරු කලා. ගල් ඉවත් කරමින් මාර්ගයේ කොටසක් විවෘත කිරීම සඳහා බලධාරීන් ක්‍රියාකරන බව වාර්තා කොටතිබුණා.

ක්ලවුඩ් ලවුන්ජ් ලෙස හැඳින්වෙන, ජනප්‍රිය ගමනාන්තය පසුගිය වසරේ ජූලි මාසයේදී ද අස්ථාව​ර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් සතියක කාලයක් වසා දමන්නට සිදු වූවා.

මුහුදු මට්ටමේ සිට මීටර් 600 ක් උසින් පිහිටි කඳුකරයේ විවේක නැවතුම 2021 දී මහජනතාව සඳහා විවෘත කරන ලදී. කිලෝමීටර 5.63 ක මාර්ගයක් තානායම දක්වා විහිදෙන අතර වෙරළබඩ නගරයක් වන Khorfakkan හි මනස්කාන්ත දසුන් පිරි ගමනාන්තයකි.

Share.

Comments are closed.