දිවයිනට පැමිණ සිටින චීනයේ වාණිජ කටයුතු පිළිබද අමාත්‍ය වං වෙන්ටාවෝ මහතා ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනපති අනුර කුමාර දිසානායක මහතා මුණගැසී තිබේ.
චීන වාණිජ කටයතු අමාත්‍යවරයා දිවයිනට පැමිණ සිටින්නේ ආයෝජකයන් සියයකට වඩා වැඩි පිරිසක් ද සමගිනි.
මේ වනවිට රට තුළ පවතින ආර්ථික සහ දේශපාලන ස්ථාවරභාවයත්, නව රජයේ විනිවිදභාවයත් නිසා, චීන ආයෝජකයන් ලංකාවේ ආයෝජනය කිරීම සදහා කැමැත්තෙන් සිටින බව මෙම හමුවේ දී චීන වාණිජ කටයුතු අමාත්‍යවරයා ජනාධිපතිවරයා සමග පවසා තිබේ.
එමෙන්ම, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ චීන සංචාරය අතරතුර ඇතිකර ගත් එකඟතා ක්‍රියාත්මක කිරීම ද චීන වාණිජ කටයුතු අමාත්‍යවරයාගේ මෙම සංචාරයේ අරමුණකි.
ඊට අමතරව, චීන රජයේ සහාය ඇතිව ශ්‍රී ලංකාව තුළ මේ වන විට ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල කටයුතු කඩිනමින් අවසන් කිරීම සහ සැලසුම් කර ඇති ව්‍යාපෘති කඩිනමින් ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා සිදු වී තිබේ.