Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Climate»ජාත්‍යන්තර වැසි වැඩි දියුණු කිරීමේ සංසදයට UAE සත්කාරකත්වය සපයයි
Climate

ජාත්‍යන්තර වැසි වැඩි දියුණු කිරීමේ සංසදයට UAE සත්කාරකත්වය සපයයි

Stanly KularathnaBy Stanly KularathnaJanuary 9, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ප්‍රමුඛ පෙළේ ගෝලීය සහ ජාතික ප්‍රවීණයන්, පර්යේෂකයන්, විද්‍යාඥයන් සහ පාර්ශ්වකරුවන් වර්ෂා​ව වැඩි දියුණු කිරීමේ පර්යේෂණවල නවතම විද්‍යාත්මක හා තාක්‍ෂණික ප්‍රගතිය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා මෙම මස අගදී අබුඩාබි හි දී රැස්වනු ඇත.

කාලගුණ විද්‍යා ජාතික මධ්‍යස්ථානය (NCM), වර්ෂාව වැඩි දියුණු කිරීමේ විද්‍යාව සඳහා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පර්යේෂණ වැඩසටහන (UAEREP) හරහා ජාත්‍යන්තර වැසි වැඩි දියුණු කිරීමේ සංසදයේ (IREF) 6 වන සංස්කරණය 2023 ජනවාරි 24-26 දක්වා පැවැත්වෙන බ​ව නිවේදනය කොට තිබෙනවා.

ලොව පුරා, ජලය සහ තිරසාර ගැටළු විසඳීමේ ප්‍රමුඛ සිදුවීමක් ලෙස, IREF නවතම වර්ධනයන් සහ වර්ෂාව වැඩිදියුණු කිරීම පිළිබඳ විද්‍යාත්මක අවබෝධය සහ දැනුම බෙදාගැනීම තුළින් ජල ආරක්ෂණ ගැටළු සඳහා නව්‍ය විසඳුම් සෙවීමට දරන ප්‍රයත්නයන් පිළිබඳව සාකච්ඡා කිරීමට වේදිකාවක් සපයයි.

NCM හි අධ්‍යක්ෂ සහ ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ (WMO) කලාපීය සංගමයේ II (ආසියාව) සභාපති ආචාර්ය අබ්දුල්ලා අල් මැන්ඩූස් මෙසේ පැවසුවා “ජාත්‍යන්තර සහයෝගීතාව ශක්තිමත් කිරීමේ මාධ්‍යයක් ලෙස 6 වන ජාත්‍යන්තර වැසි වැඩිදියුණු කිරීමේ සංසදය පැවැත්වීම ගැන අපි ආඩම්බර වෙමු. වර්ෂාව වැඩි දියුණු කිරීමේ නවතම වර්ධනයන් සහ තාක්ෂණයන් පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විද්‍යාත්මක ප්‍රජාව එක් කිරීමට මෙම උත්සවය විශිෂ්ට අවස්ථාවක් ලෙස සලකනවා”.

UAEREP හි සම්මානලාභී ව්‍යාපෘති එකොලහක නවතම ප්‍රගතිය සාකච්ඡා කිරීමට අමතරව, IREF හි 6 වන සංස්කරණය ගෝලීය දේශගුණික න්‍යාය පත්‍රයේ ජල ආරක්ෂණ අභියෝග මෙන්ම වර්ෂාපතනය වැඩි දියුණු කිරීමේ ආකෘති සහ තාක්ෂණයන් ක්‍රියාත්මක කිරීමට ඇති අවස්ථා සහ අභියෝග අධ්‍යන​ය කරනු ඇති.

වර්ෂාපතනය වැඩි දියුණු කිරීම සඳහා වන නව ප්‍රවේශයන්, නවෝත්පාදනයන්, වර්ෂාපතනය වැඩි දියුණු කිරීමේ කලාපීය සහ ගෝලීය වැඩසටහන්, ව්‍යාපෘති සහිත රටවල නියෝජිතයින්​ට සත්කාරකත්වය සැපයීම තුලි​න් ලොව පුරා සැලකිය යුතු ලෙස පාඩම් සහ සාර්ථකත්ව​ය සාකච්ඡා කිරීම කරනු ලබනවා.

න්‍යාය පත්‍රයේ කොටසක් ලෙස විශ්ව විද්‍යාල සිසුන්ට කාලගුණ වෙනස් කිරීම සහ වර්ෂාව වැඩි දියුණු කිරීම යන ක්ෂේත්‍රවල තම නව්‍ය පර්යේෂණ ව්‍යාපෘති ලෝ ප්‍රකට විද්‍යාඥයින් පිරිසකට ඉදිරිපත් කිරීමට අවස්ථාව සැලසෙනවා.

වර්ෂාව වැඩි දියුණු කිරීමේ විද්‍යාව සඳහා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පර්යේෂණ වැඩසටහන යනු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජනාධිපති කටයුතු අමාත්‍යාංශය විසින් දියත් කරන ලද වැඩසටහනක් වන අතර එය ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය (NCM) විසින් කළමනාකරණය කරනු ල​බනවා.

එහි ක්‍රියාකාරකම් හරහා, මහාද්වීප 4ක් පුරා රටවල් 70ක ආයතන 800කට අධික සංඛ්‍යාවක 1,800කට අධික පර් යේෂකයන් සමඟ ශක්තිමත් සබඳතා ගොඩනඟා ගෙන ඇත. නව පර් යේෂණ සම්බන්ධයෙන්, UAEREP විද්‍යාත්මක ලිපි 84ක් ප්‍රකාශයට පත් කිරීමට, පේටන්ට් බලපත්‍ර 5ක් ප්‍රදානය කිරීමට සහ සම්මන්ත්‍රණ ක්‍රියාදාමයන් 100කට වඩා වැඩි ප්‍රමාණයකට දායක වී ඇත.

Abu Dhabi Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleRTA සංචාරක හැසිරීම් සමීක්ෂණය දියත් කරයි
Next Article UAE පදිංචිකරුවන්ට 2023 දී වඩා හොඳ ජීවන තත්ත්වයක්
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.