Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Transport»RTA සංචාරක හැසිරීම් සමීක්ෂණය දියත් කරයි
Transport

RTA සංචාරක හැසිරීම් සමීක්ෂණය දියත් කරයි

Stanly KularathnaBy Stanly KularathnaJanuary 9, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ (RTA) නව සංචාරක හැසිරීම් සමීක්ෂණයට සහභාගී වන ලෙස ඩුබායි හි ජීවත් වන හෝ සේවය කරන පවුල් සහ පුද්ගලයන්ට ආරාධනා කරනවා.

මෙයට අදාල තොරතුරු රැස්කිරී​ම මේ වසරේ ජනවාරි සිට ජූනි දක්වා සිදුව​න අතර ඩුබායි සහ එහි අසල්වැසි එමිරේට්ස් හි ජනගහනයේ සාම්පල 7,000 කට වඩා ආවරණය කර​න බව RTA නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියා. එයට පවුල් 5,000 (පුරවැසියන් සහ පදිංචිකරුවන්) ඇතුළත් වනු ඇත. ඩුබායි හි සංචාරය කරන හෝ රාජකාරි කරන පුද්ගලයින් 1,500 සහ ඩුබායි හි ක්‍රියාත්මක වන භාණ්ඩ ප්‍රවාහන සමාගම් 500ක් මේ සඳහා සහභාගී කෙ​​රෙනවා.

සමීක්ෂණය සාර්ථකව නිම කරන සහභාගීවන්​නන් සඳහා විශේෂ දිරිගැන්වීම් ලබා දීමට බලාපොරොත්තු වන බව ප්‍රශ්නාවලි​ය හැඳින්වීමේ දී අධිකාරිය පවසයි.

තොරතුරු රැස්කිරී​ම දියත් කිරීම මාර්ග සහ පොදු ප්‍රවාහන ජාල සහ සේවා වැඩිදියුණු කිරීමට RTA දරන උත්සාහයේ ප්‍රතිඵලයකි. එමිරේට්ස් හි ඉලක්කග​ත නාගරික සැලැස්ම 2040 ට අනුකූලව මහජනතාවට සුමට හා ආරක්ෂිත ප්‍රවාහන අත්දැකීමක් ලබා දීම මෙහි අරමුණ බවයි එහි වැඩිදුරටත් සඳහන් වන්නේ.

“ඉදිරි දින කිහිපය තුළ, RTA විසින් ඩුබායි හි පදිංචිකරුවන්ගේ සහ අමුත්තන්ගේ සංචලන ප්‍රවණතා සහ හැසිරීම් මැනීම සඳහා සමීක්ෂණයක් දියත් කරනු ලබනවා. සන්නිවේදන නාලිකා ඔස්සේත්, මහජනතාව වෙත නිවෙස් ප්‍රශ්නාවලියකින්, ක්ෂේත්‍ර චාරිකා, මාර්ගගත සම්මුඛ සාකච්ඡා පුද්ගලික සම්මුඛ සාකච්ඡා සහ ස්මාර්ට් යෙදුම් ​ද මේ සඳහා භාවිතවෙනවා” RTA හි ප්‍රවාහන උපාය මාර්ගික සැලසුම්, උපාය මාර්ග සහ ආයතනික පාලන අංශයේ අධ්‍යක්ෂ Muna Al Osaimi පැවසුවා.

“මෙම ක්‍රියාවලියට කෘත්‍රිම බුද්ධි තාක්‍ෂණ භාවිතා කරමින් විශාලතම පුද්ගලයන් සංඛ්‍යාවක් වෙත ළඟාවීම​ට බලාපොරොත්තු ​වෙනවා. සමීක්ෂණයේ ප්‍රතිඵල එකතු කිරීමෙන් අනතුරුව එය විශ්ලේෂණය කර, වෘත්තීයමය සහ විනිවිදභාවයෙන් යුතුව අධ්‍යයනය කර හොඳම සොයාගැනීම් නිගමනය කරනු ඇත. ඩුබායි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ, පොදු බස් රථ, සමුද්‍ර සංක්‍රමණ මාධ්‍යයන් මෙන්ම පුද්ගල සහ මෘදු සංචලතා මාධ්‍යයන් ඇතුළු මාර්ග ජාලය සහ මහා ප්‍රවාහන පද්ධති සඳහා එහි උපායමාර් ගික සහ මෙහෙයුම් සැලසුම් යාවත්කාලීන කිරීමට සහාය වනු ඇති.” ඔහු වැඩිදුරටත් පැවසූවා.

මෙම සමීක්ෂණයට සහභාගී වීමට කැමති අයට මෙම සබැඳිය හරහා එය කළ හැකිය.

Dubai Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleKhorfakkan හි ගල් පෙරලීමෙන් Al Suhub විවේකාගාරය වෙත මාර්ගය වසා දැ​මේ
Next Article ජාත්‍යන්තර වැසි වැඩි දියුණු කිරීමේ සංසදයට UAE සත්කාරකත්වය සපයයි
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.