ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ, (DXB) ලොව කාර්යබහුල​ම ගෝලීය ජාත්‍යන්තර මාර්ග ලැයිස්තුව​ට OAG Aviation විසින් ඇතුළත් කො​ට ඇත. ඩුබායි නගරය පස් වතාවක් ලැයිස්තුවට ඇතුලත් වි​ය, ඒ පිටවන ගුවන් තොටුපල ලැයිස්තුවේ තුන් වතාවක් සහ පැමිණෙන ගුවන් තොටුපල ලැයිස්තුවේ දෙවරක් වශයෙනි.

ලැයිස්තු ගතවූ අනෙක් නගර වූයේ කයිරෝ, ජෙඩා, රියාද්, ලන්ඩන් සහ සිංගප්පූරුවයි.

2022 දී ඩුබායි මගීන් මිලියන 23.7 ක් පිළිගත් බව පසුගිය සතියේ නිවේදනය කරන ලද අතර එය පෙර වසරට වඩා 89% ක වැඩිවීමක් පෙන්නුම් කරනවා.

දෙසැම්බර් මාසයේදී ඇරබියන් බිස්නස් වාර්තා කළේ ඩුබායි ඉන්ටර් නැෂනල් (DXB) ගුවන් සේවා ව්‍යාපාරය 2022 හි “වසරේ ගුවන් තොටුපල” සම්මානය දිනා ගත් බවයි.

DXB පසුගිය මාස 12 තුළ එහි “අසමසම කාර්ය සාධනය” මත පදනම්ව කාණ්ඩයේ ජයග්‍රාහකයා ලෙස තෝරා ගෙන ඇත.

Share.

Comments are closed.