Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Uncategorized»කුවේට්හි කාන්තාර ගොවිපල​ක වහල් ශ්‍රී ලාංකික තරුණයන්
Uncategorized

කුවේට්හි කාන්තාර ගොවිපල​ක වහල් ශ්‍රී ලාංකික තරුණයන්

Stanly KularathnaBy Stanly KularathnaJanuary 11, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉරාන දේශසීමාව ආසන්නයේ කුවේට් හි කාන්තාරයක පවත්වාගෙන ගිය ගොවිපළක රඳවාගෙන, පහරදී, ආහාර හා වැටුප් ලබා නොදී, බලහත්කාරයෙන් වැඩ කිරීමට සිදු වූ ශ්‍රී ලාංකික තරුණයන් හය දෙනෙක් කුවේට් හි ​ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් මහත් පරිශ්‍රමයක් දරා බේරාගෙන නිවෙස් වෙත යවා තිබෙනවා.

මෙම තරුණයන් ඊයේ අලුයම 03.30 ට කුවේට් සිට පැමිණි ජසීරා එයාර් වේස් ගුවන් සේවයට අයත් J-9551 දරණ ගුවන් යානයෙන් ශ්‍රී ලංකා​ව වෙත පැමිණ ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර් යාංශයේ ආරංචි මාර්ග සඳහන් කලා.

ඔවුන් සියලු දෙනාම ත්‍රිකුණාමලයේ කින්නියා ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර කුවේට් හි මෙම රැකියා සඳහා ගොස් ඇත්තේ තම ගම් ප්‍රදේශයේ නීති විරෝධී තැරැව්කරුවකු මාර්ගයෙන්. ඔවුන් කුවේට්හි ෂෙයික්වරයෙකු විසින් පවත්වාගෙන යනු ලබන ගොවිපලකයි සේවය කර ඇත්​තේ.

මෙම ගොවිපළේ සිට ශ්‍රී ලාංකිකයින් පිරිසක් රාත්‍රියේ කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයට ලබාදුන් දුරකථන ඇමතුමකට අනුව ඔවුන් මුදාගැනීමේ මෙහෙයුම සූදානම් කර තිබුණි.

ප්‍රවේශ වීමට පාරවල් නැති දුෂ්කර කාන්තාර ප්‍රදේශයේ මෙම ගොවිපළේ රඳවා සිටි ශ්‍රී ලාංකිකයන් බේරා ගැනීම පහසු කටයුත්තක් නොවීය. කුවේට් රාජ්‍යයේ බලගතු ෂෙයික්වරයාගේ බලපෑම සහ අවට ප්‍රදේශවල ඇති දුෂ්කරතා සමඟ කටයුතු කිරීම සඳහා කුවේට්හි ඉහළම ආරක්ෂක අංශ ප්‍රධානියා වන මේජර් ජෙනරාල්වරයෙකුගේ සහාය ඇතිව විශේෂ හමුදා මෙහෙයුමක් දියත් කළ බව වාර්තා ​වෙනවා.

එසේම, ප්‍රධාන ආරක්ෂක නිලධාරියාගේ සහ කුවේට් රජයේ සහය ඇතිව, කණ්ඩායම ගෙදර යැවීම සඳහා ඔවුන්ගේ ගමන් ලියකියවිලි ලබා ගැනීමට​ද හැකි වී තිබුණා.

කුවේට් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ දෙවන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරි අබ්දුල් හලීම් සහ තෙවැනි ලේකම් ජානක සමරසේකර ද ගලවා ගැනීමේ මෙහෙයුමට සහාය වී ඇත. ඔවුන්ගෙන් ලද තොරතුරු මත ත්‍රිකුණාමලය පොලිසිය විසින් ඔවුන් එහි යැවූ නීති විරෝධී තැරැව්කරු පිළිබඳව පරීක්‍ෂණ පවත්වනවා.

Featured Middle East
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදසුන් ශානකගේ අගනා ශතකය අපතේ යවමින් ශ්‍රී ලංකාවට ලකුණු 67 ක පරාජයක්
Next Article World of Coffee Dubai 2023 ප්‍රදර්ශනය අද ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී ආරම්භ වේ
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.