Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»World of Coffee Dubai 2023 ප්‍රදර්ශනය අද ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී ආරම්භ වේ
Events

World of Coffee Dubai 2023 ප්‍රදර්ශනය අද ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේදී ආරම්භ වේ

Stanly KularathnaBy Stanly KularathnaJanuary 11, 2023No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ ඒකාබද්ධ සිදුවීම් කළමනාකරණය සහ සංවිධාන සේවා සපයන්නා වන DXB LIVE සහ විශේෂිත කෝපි සංගමය විසින් සංවිධානය කරන ලද World of Coffee Dubai 2023 ප්‍රදර්ශනය, රටවල් 33 කට අයත් ජාත්‍යන්තර, කලාපීය සහ දේශීය සමාගම් සහ සන්නාම 1,500 කට වඩා ප්‍රමාණයකින් සහ ප්‍රවීණයන් සහ වෘත්තිකයන් 10,000කගේ පමණ සහභාගීත්වයෙන් අ​ද 2023 ජනවාරි 11 දින ආරම්භ වෙනවා. ප්‍රදර්ශනය ඩුබායි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ Zabeel ශාලා 5 සහ 6 හිදී පැවැත්වෙන අතර එය ජනවාරි 11 සිට 13  සිකුරාදා දක්වා පැවැත්වෙනවා.

එක්ස්පෝ 2020 ඩුබායි හා සමගාමීව පළමු වට​ය අතිවිශාල සාර්ථකත්වයක් අත්කර ගැනීමෙන් පසුව, වර්ල්ඩ් ඔෆ් කොෆී ඩුබායි හි පිට පිටම දෙවන වසරටත් මෙම ප්‍රදර්ශනය පැවැත්වෙනවා.

මෙම ප්‍රදර්ශනය කෝපි කර්මාන්තයේ ව්‍යාප්තිය දිරිමත් කිරීමට සහ කෝපි වෙළඳාම සඳහා කලාපීය සහ ගෝලීය කේන්ද්‍රස්ථානයක් ලෙස එහි ස්ථානය ශක්තිමත් කිරීමට දරන උත්සාහයයේ  ප්‍රතිඵලයකි. මෙවර ප්‍රදර්ශනයට සහභාගීවන්නන්​ගේ පැමිණීම ගියවරට වඩා දෙගුණයක් වනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර ගෝලීය කෝපි කර්මාන්තයේ ප්‍රමුඛ ව්‍යාපාර සහ ප්‍රමුඛ වෙළෙඳ නාමවල සහභාගිත්වය අපේක්ෂා කරනවා.

DXB LIVE හි ජ්‍යෙෂ්ඨ උප සභාපති Khalid Al Hammadi පැවසුවේ “World of Coffee Dubai 2023 ප්‍රදර්ශනය සඳහා සියලු සූදානම් කිරීම් අවසන් වූ බව නිවේදනය කිරීමට ලැබීම ගැන අපි සතුටු වෙනවා. පළමු වට​යට වඩා සංඛ්‍යාව මෙන් දෙගුණයකින් අමුත්තන් සංඛ්‍යාව ඉක්මවා යනු ඇතැයි පුරෝකථනය කර තිබෙන අත​ර විශේෂිත අමුත්තන්ට සුබ පැතීමට අපි බලාපොරොත්තු වෙනවා. මෙවර උත්සවයේ විශේෂාංග ක්‍රියාකාරකම් තුළින් සහභාගිවන්නන්ට සහ අමුත්තන්ට විශිෂ්​ඨ අත්දැකීමක් දැක බලා ගැනීමට අවස්ථාව ලැබේවි.”

“මෙම උත්සවය ඩුබායි හි පැවැත්වීමෙන් ගෝලීය කෝපි වෙළඳපොලේ එමිරේට්ස් වෙ​ත ඇති ප්‍රමුඛ ස්ථානය ශක්තිමත් වන අතර නව සන්ධාන ඇති කර ගැනීමට සහ නව ආයෝජකයින් ආකර්ශනය කර ගැනීමට කර්මාන්තයේ නියැලී සිටින සමාගම්වලට නව මාර්ග විවෘත වනු ඇති අත​ර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කෝපි කර්මාන්තයේ වර්ධනය තවදුරටත් ඉහළ නංවයි.” ඔහු වැඩිදුරටත් පැවසීය.

“ප්‍රදර්ශනයට සහභාගී වන කලාපීය සහ දේශීය සමාගම් යන කාණ්ඩ දෙකටම ප්‍රතිලාභ මෙන්ම ජාත්‍යන්තර ව්‍යාපාරවල වර්ධනය වේගවත් කරන ගෝලීය සමාගම් සහ සන්නාම සංඛ්‍යාවේ විශාල වර්ධනයක් මෙම ප්‍රදර්ශනය මගින් අත්විඳිනු ඇත. නව සම්බන්ධතා සහ හවුල්කාරිත්වයන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට සහ ගොඩනැගීමට මෙම උත්සවය අවස්ථාවක් ලබා දෙනවා” අල් හම්මාඩි ප්‍රකාශ කළේය.

“World of Coffee Dubai 2023 කෝපි කර් මාන්තයේ ව්‍යාපාර සහ කර්මාන්ත වෘත්තිකයන්ගේ විශේෂඥභාවය සහ දක්ෂතාවය ප්‍රදර්ශනය කිරීමට පරිපූර්ණ වේදිකාවක් සපයයි, එය කලාපයේ කෝපි අංශයේ වසර ගණනාවක ව්‍යාප්තියේ සහ ප්‍රගතියේ ප්‍රතිඵල වේ. දේශීය සහ කලාපීය ව්‍යාපාර, කෝපි ලෝලීන් සහ වෘත්තිකයන්ට ප්‍රදර්ශනයේ පැවැත්වෙන වැඩමුළු සහ දේශනවලදී විශේෂඥයන්​ගේ සහ ප්‍රවීණයන්ගෙන් මගපෙන්වීම් ලබා ගත හැකියි” අල් හම්මාඩි ​වැඩිදුරටත්සඳහන් කලා.

Kerchanshe හි ප්‍රධාන විධායක නිලධාරී Israel Degefa මහතා මෙසේ පැවසීය: “එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ කෝපි ප්‍රජාවගේ අවශ්‍යතා පෝෂණය කිරීමට ඉවහල් වූ සිදුවීමක් වන World of Coffee Dubai 2023 හි ස්වර්ණමය අනුග්‍රාහකයා ලෙස සේවය කිරීමට ලැබීම අපට ගෞරවයක්.

Kerchanshe Coffee හි, අපි බීජ​යේ සිට කෝප්පය දක්වා සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර කෝපි කර්මාන්තයක් නිර්මාණය කිරීමට කැපවී සිටිමු. මෙය සාක්ෂාත් කරගනු ලබන්නේ කෝපි ගොවීන් සහ වෙළඳපල අතර පරතරය අවම කිරීම, පාර්ශ්වකරුවන් දැනුවත් කිරීම මෙන්ම හැකි උපරිම ගුණාත්මක බව සහතික කිරීමෙනි. ප්‍රජාව තුළ උසස් තත්ත්වයේ කෝපි පරිභෝජනය ප්‍රවර්ධනය කිරීමේ ප්‍රයත්නයක් වශයෙන්, අපගේ ප්‍රිමියම් කෝපි මෙම උත්සවයේදී ප්‍රදර්ශනය කිරීමට අපි බලාපොරොත්තු වෙමු.

තවද, ‘එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික බැරිස්ටා ශූරතාවලිය’ ඇතුළු විවිධ ඉසව් සහ සම්මාන ප්‍රදානෝත්සවයන් ප්‍රදර්ශනයේදී පවත්වනු ලබන අතර, එහිදී රට පුරා සිටින ඉහළම බැරිස්ටර් වරුන් 12 දෙනෙකු ශූරතාව දිනා ගැනීමට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය නියෝජනය කිරීමට සහ ස්ථානයක් ලබා ගැනීමට තරඟ කරනු ඇත.

“World Barista Championship” හි දී. “හොඳම නව නිෂ්පාදන” තරඟයට අමතරව, විවිධ කාණ්ඩ යටතේ ඒවායේ ගුණාත්මක භාවය සහ වටිනාකම ඇගයීමෙන් පසු නව නිෂ්පාදන හඳුන්වාදීම අරමුණු කරගනිමින්, මෙම උත්සවය පුරාවට ‘Coffee Design Award’ සම්මානයට පාත්‍ර වනු ඇත. දින තුනක්, කෝපි ක්‍ෂේත්‍රයේ සුවිශේෂී නිර්මාණාත්මක නිර්මාණ විවිධ කාණ්ඩ යටතේ ගෞරවයට ලක් කරනු ඇ​ත.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකුවේට්හි කාන්තාර ගොවිපල​ක වහල් ශ්‍රී ලාංකික තරුණයන්
Next Article ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝට වාර්ෂිකව ඩොලර් මිලියන 421ක්
Stanly Kularathna

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.