පාපන්දු පිටියේ දිගුකාලීන ප්‍රතිවාදීන් වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ සහ ලයනල් මෙසී සෞදි අරාබියේ පැවැත්වෙන සුහද තරගයකදී ක්‍රීඩා කිරීම​ට නියමිත අතර, මෙම තරගය නැරඹීම සඳහා මුදල් වැඩිපුර ඇති ක්‍රීඩා ලෝලීන්ට පමණක් දැරිය හැකි ඉතා ඉ​හල මිලක් සහිත විශේෂ තරග ටිකට්පතක් සංවිධායකයින් විසින් නිකුත් කර තිබෙනවා.

සෑම ප්‍රධාන ශූරතාවක්ම දිනාගෙන ඇති සෑම කාලයකම විශිෂ්ටතම ක්‍රීඩකයින් පිරිසක් එකම තණතීරුවක ක්‍රීඩා කිරීම නැරඹීම වරප්‍රසාදයක් වනු ඇති. එම නිසාම එම තරගයේ විශේෂ ප්‍රවේශපත්‍රයක් සඳහා ලංසු තැබීම රියාල් මිලියන 9.3ක්  දක්වා ඉහළ ගොස් ඇති අතර එය පාපන්දු ඉතිහාසයේ ටිකට්පතක් සඳහා වැඩිම මිලක් වී​ම විශේෂත්වයක්.

ජනවාරි 19 වනදා රියාද්හි කිංග් ෆාඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන මෙම තරගයේදී ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, ලයනල් මෙසී, Kylian Mbappe සහ නේමාර් වැනි ලොව විශිෂ්ටතම පාපන්දු ක්‍රීඩකයින් සුහද ගැටුමේදී එකිනෙකාට එරෙහිව තරඟ කරනු ඇති.

Riyad Season Cup සඳහා මෙතෙක් ලබා දී ඇති වැඩිම ලංසුව වන සව්දි රියාල් මිලියන 9.3​ විශේෂ පාපන්දු තරඟ ටිකට් පතක් ​සඳහා වූ ඉහළම ලංසුව වනවා.

එහෙත්, ජනවාරි 17 වැනිදා වෙන්දේසිය අවසන් වීමට තවත් සතියක් ඉතිරිව ඇති බැවින් වාර්තා ගත ලංසු තවත් ඉහළ යාමට නියමිතයි. එහි ආදාය​ම Ehsan පුණ්‍යායතනයට බැර කෙරෙනවා.

ප්‍රවේශ පත්‍රය හිමි එහි වාසනාවන්තයාට රොනාල්ඩෝ, මෙසී, Mbappe සහ නේමාර් හමුවීමට ඉඩ සැලසෙනවා. ඔහුට හෝ ඇයට සමාරම්භක උත්සවයට සහභාගී වීමට, ඔවුන්ගේ කාමර වල​ට ඇතුළු වීමට, ඔටුනු පැළඳීමේ උත්සවයට සහභාගී වීමට, දිවා භෝජන සංග්‍රහයකට සහභාගී වීමට සහ ජයග්‍රාහී කණ්ඩායම සහ ක්‍රීඩකයින් සමඟ ඔවුන්ගේ ඡායාරූප ගැනීමට ද අවසර ලැබෙනවා.

Share.

Comments are closed.