සාජා පොලිසියේ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවේ (CID) සදාද්  (Sadad) මුලපිරීම් හේතුවෙන් ඩිරාම් මිලියන 565ක් වටිනා මූල්‍ය ආරවුල් උසාවියට ගෙන යාමකින් තොරව විසඳා ඇත.

මෙම කණ්ඩායම විසින් මෙහෙයවන ලද නඩු අතර ණය, බැංකු ණය, අගරු චෙක්පත් නඩු වූ අතර පැමිණිලි කළ අයට ලැබිය යුතු මුදල් අයකරගැනීමෙන් එ​ම නඩු විසඳීමට හැකි විය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝන්​ටඩ් දෙපාර්තමේන්තුවේ (Wanted Department ) ප්‍රධානී ලුතිනන් කර්නල් අබ්දුල් රහ්මාන් අල් ෂම්සි පැවසුවේ 2021 මාර්තු මාසයේ සිට Sadad මගින් මෙම මුලපිරීම සිදුකොට තිබෙ​න බවයි.

ක්‍රියාවලිය පැහැදිලි කරමින් එම නිලධාරියා පැවසුවේ ඔවුන් සමඟ මූල්‍ය නඩුවක් ගොනු කළ විට, කණ්ඩායම සම්බන්ධ පුද්ගලයින් වෙත ළඟා වීමට උත්සාහ කරන බවත්, ගැටලුව විසඳා ගන්නේ කෙසේද යන්න පිළිබඳව ඔවුන්ට උපදෙස් දෙන බවත්ය. එවිට ඔවුන්ට පොලිස් බලධාරීන් වෙත ළඟා විය හැකි අතර, ඔවුන්ගේ ණය ගෙවීමට උපකාර වනු ඇත.

මේ වන විට ඩිරාම් බිලියන භාගයකට වඩා වැඩි මුදලක් පැමිණිලිකරුවන් වෙත ආපසු ලබා දී ඇති බව ලුතිනන් කර්නල් අල් ෂම්සි පැවසුවා. එවිට අධිකරණ බලධාරීන් සම්බන්ධ නොවී නඩු විසඳීමට හැකියි.

Sadid වැඩසටහන, එමිරේට්ස් හි ආරක්ෂාව වැඩිදියුණු කිරීමට සහ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට උපකාරී වෙන බවයි ඔහු පැවසූයේ.

Share.

Comments are closed.