Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»ඕමාන සුරක්ෂා නිවසේ සිටි කතක් ජීවිතක්ෂයට
Foreign Employment

ඕමාන සුරක්ෂා නිවසේ සිටි කතක් ජීවිතක්ෂයට

Stanly KularathnaBy Stanly KularathnaJanuary 14, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඕමාන් රාජ්‍යයේ ගෘහ රැකියාවක් සඳහා විදේශ ගත වු කාන්තාවක් සේවා ස්ථානයේ ඇති වු ගැටළු හේතුවෙන් සුරක්ෂා නිවාසයේ සිට ශ්‍රී ලංකාවට එවීම සඳහා අවශ්‍යය කටයුතු සූදානම් කර තිබියදී ඇති වු අසනීප තත්වයක් හේතුවෙන් රෝහල් ගත කර ප්‍රතිකාර ලබා දෙමින් සිටියදී මරණයට පත් වී ඇත. මෙසේ මිය ගොස් ඇත්තේ මහව දලදාගම ප්‍රදේශයේ පදිංචි ඉන්ද්‍රානි සොයිසා නැමැති 55 වියැති කාන්තාවකි.

මෙම කාන්තාව 2021 නොවැම්බර් 11 දින ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිවී විදේශගත වී ඇති අතර, සේවා ස්ථානයේ පැවති ගැටළු හේතුවෙන් 2022 නොවැම්බර් 28 දින ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සුරක්ෂා නිවාසයට පැමිණ ඇත.

ඉන්පසු 2023 ජනවාරි 01 දින ඇය ශ්‍රී ලංකාවට එවීම සඳහා අවශ්‍යය කටයුතු කිරීමට ඕමානයේ කම්කරු අමාත්‍යාංශය වෙත යොමු කර ඇති අතර, එහිදී ඇය රෝගී වී රෝහල් ගත කර ඇත. ඇයගේ රෝගී තත්වය යම් පමණකට සුව වු පසු නැවත 2023 ජනවාරි 04 දින රෝහලෙන් පිට වු පසු කම්කරු අමාත්‍යංශය වෙතින් නැවත සුරක්ෂා නිවාසයට භාරදීමට කටයුතු කර ඇත.

ඇය ඒ අනුව ශ්‍රි ලංකාවට එවීම සඳහා 2023 ජනවාරි 05 දින ගුවන් තොටුපලට පැමිණි පසු නැවත ඇයගේ රෝගී තත්වය හේතුවෙන් ඇය මෙරටට ගෙන ඒම සඳහා භාරගැනීම අදාල ගුවන් සමාගම ප්‍රතික්ෂේප කර ඇත. ඉන් පසු ඇය නැවත 2023 ජනවාරි 06 දින ඕමානයේ හවාඩී රෝහලෙන් NMC රෝහලට සහ ඕමාන් රාජකීය රෝහලේ දැඩිසත්කාර ඒකකයේ දින 5ක් අවශ්‍ය ප්‍රතිකාර ලබාදුන්නත් අවාසනාවන්ත ලෙස ඇය මියගොස් ඇත.

රෝහල් ගාස්තු වශයෙන් ඕමාන් රියාල් 1000 ක (රු 950,240.00 ) මුදලක් ඕමාන ශ්‍රීලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීම පරිදි විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් අනුමත කර ඇත.

මෙම කාන්තාවගේ දිවි බේරා ගැනීම සඳහා ඕමාන් තානාපති කාර්යාලයේ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිළධාරීන් විසින් ඇය රෝහල් තුනකට ඇතුලත් කර ප්‍රතිකාර ලබාදී ඇත. මෙලෙස මියගිය තැනැත්තියගේ දේහය ගෙන්වීමට අවශ්‍ය ඉදිරි කටයුතු ​ඇයගේ පවුලේ ඥාතීන්වෙත සලසා දීමට ඕමාන් ශ්‍රීලංකා තානාපති කාර්යාලය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා විදේශ කටයුතු අමාත්‍යංශය එක්වී ඉදිරි ක්‍රියා මාර්ග ගැනීම සඳහා කටයුතු කරමින් සීටී.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරෂීඩ් රෝවර් අප්‍රේල් මාසයේදී සඳ වෙත ළඟා වීමට නියමිතයි
Next Article මැදපෙරදිග යන ගෘහසේවිකාවන්ට නොමිලේ නව රක්ෂණාවරණයක්
Stanly Kularathna

Related Posts

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.