Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Foreign Employment»මැදපෙරදිග යන ගෘහසේවිකාවන්ට නොමිලේ නව රක්ෂණාවරණයක්
Foreign Employment

මැදපෙරදිග යන ගෘහසේවිකාවන්ට නොමිලේ නව රක්ෂණාවරණයක්

Stanly KularathnaBy Stanly KularathnaJanuary 14, 2023Updated:January 14, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මැදපෙරදිග කලාපයේ ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් ඔවුන් සඳහා නව රක්ෂණාවරණයක් 2023.01.15 දින සිට හඳුන්වාදීමට ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය කටයුතු කර තිබේ.

ඒ අනුව අදාළ විගමණික ශ්‍රමික කාන්තාව බඳවාගනු ලබන සේවා යෝජකයා විසින් මෙම රක්ෂණාවරණය අනිවාර්යෙන්ම ලබාගෙන තිබිය යුතු අතර, විදේශ රැකියාව සඳහා එම කාන්තාව කාර්යාංශයේ ලියාපදිංචිය ලබාගැනීම සඳහා මෙම රක්ෂණ සහතිකය ඉදිරිපත් කළ යුතුවේ.

බහරේන්, ජෝර්දාන්, කුවේට්, ලෙබනන්, ඕමාන්, කටාර්, සෞදි අරාබිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය යන රටවල ගෘහාශ්‍රිත රැකියා සඳහා යොමුවන කාන්තාවන් වෙනුවෙන් අනුමත කර ඇති රක්ෂණ යෝජනා කීපයක් ​අතුරින් ඔවුන්ට සුදුසු රක්ෂණාවරණයක් තෝරාගැනීමට හැකියාව ලැබේ.

ඉහත සඳහන් කර ඇති රටවල වසර 2ක සේවා කාලයක් සඳහා රැකියාවට යන කාන්තාවන් වෙනුවෙන් මෙම නව රක්ෂණාවරණය සඳහා ඇමරිකානු ඩොලර් 110 සිට ඩොලර් 140ක් දක්වා මුදලක් සේවා යෝජකයා විසින් ගෙවිය යුතු වන අතර, රැකියා ගිවිසුම් කාලය දිර්ඝවීමත් සමග ගෙවිය යුතු රක්ෂණ වාරික මුදලද වැඩිවනු ඇත.

රැකියා ගිවිසුම් කාලසීමාව අතරතුරදී අදාළ ශ්‍රමිකයා මිය ගියහොත් හෝ හදිසි අනතුරු හේතුවෙන් සදාකාලික පූර්ණ ආබාධිත තත්ත්වයට පත් වුවහොත් ඇමරිකන් ඩොලර් 15000 ක මුදලක් රක්ෂණ වන්දි වශයෙන් හිමිවන අතර, හදිසි අනතුරු හේතුවෙන් අර්ධ ආබාධිත තත්ත්වයට පත්වුවහොත් ඇමරිකන් ඩොලර් 10000 ක මුදලක් රක්ෂණ වන්දි වශයෙන් හිමිවේ.

මෙයට අමතරව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම, ශල්‍යකර්ම, කොවිඩ් වැනි වසංගත රෝග සඳහාද රක්ෂණ වන්දි හිමිවන අතර, යම් කාන්තාවක් සුරක්ෂා නිවාසයේ රඳවා තබාගන්නේ නම් එම කාල සීමාව තුළදී ඇයට දැරීමට සිදුවන අත්‍යාවශ්‍ය වියදම් වෙනුවෙන් එක් දිනකට ඩොලර් 10 බැගින් වන්දි පිරිනැමේ.

මෙම විදේශ රක්ෂණ යෝජනා ක්‍රමය 2023 ජනවාරි 15 දින සිට අනිවාර්ය කරනු ලැබ ඇත්තේ ඉහතින් සඳහන් කර ඇති මැදපෙරදිග පිහිටි රටවල් සඳහා නව සේවා ගිවසුමක් යටතේ සේවය කිරිමට විදේශ ගතවන කාන්තාවන් සඳහා වේ.

මේ පිළිබඳ වැඩිදුර තොරතුරු www.slbfe.lk වෙබ් අඩවියෙන් සහ 1989 ක්ෂණික දුරකථන ඇමතුම මඟින් ලබාගැනිමට හැකිය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඕමාන සුරක්ෂා නිවසේ සිටි කතක් ජීවිතක්ෂයට
Next Article ලොව ප්‍රථම ත්‍රිමාණ (3D) මුද්‍රිත මුස්ලිම් පල්ලිය 2025 දී
Stanly Kularathna

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.