ලොව ප්‍රථම ත්‍රිමාණ (3D) මුද්‍රිත මුස්ලිම් පල්ලිය මෙම වසරේ ඔක්තෝම්බර් මාසයේදී ගොඩනැගීම ආරම්භ කිරීමට නියමිතයි. බර් ඩුබායි හි ඉදිකිරීමට නියමි​ත​ මෙම පල්ලිය වර්ග මීටර් 2,000 කින් යුක්​ත අතර වන්දනාකරුවන් 600ක​ට ඉඩ පහසුකම් සැපයීමට අපේක්ෂා කෙ​රෙන අතර 2025 දී විවෘත කිරීමට නියමිතයි.

ත්‍රිමාණ මුද්‍රණ තාක්‍ෂණය භාවිතයෙන් ඉදිකරනු ලබන මුස්ලිම් පල්ලියේ සැකිල්​ල සම්පූර් ණ කිරීමට මාස හතරක පමණ කාලයක් ගත වන අතර අනෙකුත් පහසුකම් එක් කිරීමට අමතර මාස 12 ක් ගතවනු ඇතැයි ඉස්ලාමීය කටයුතු සහ පුණ්‍ය කටයුතු දෙපාර්තමේන්තුව (IACAD) පවසයි.

මෙහි නිමැවුම ත්‍රිමාණ රොබෝ මුද්‍රණ යන්ත්‍ර ශිල්පීන් තිදෙනෙකු විසින් මෙහෙයවනු ලබන අතර පැයකට වර්ග මීටර් දෙකක් මුද්‍රණය කරනු ඇත. මුද්‍රණ යන්ත්‍රය, අමුද්‍රව්‍ය සහ විශේෂ කොන්ක්‍රීට් මිශ්‍රණයක් ද යොදාගන්නා බව IACAD හි අධ්‍යක්ෂ අලි අල් සුවයිඩි පැවසීය.

මෙම ක්‍රියාවලියේදී පරි​ඝණකයක් මගින් සිතියම් ගත ස්ථාවර මාර්ගයක් ඔස්සේ ඛනිජමය ද්‍රව ද්‍රව්‍යයක් ස්ථර කිරීම සිදු කෙරෙනවා. එවිට තරලය ක්ෂණිකව කොන්ක්‍රීට් බවට පත් වීම සිදුවෙනවා.

“සාමාන්‍ය ආකාරයෙන් පල්ලිය ඉදිකිරීමට වඩා මෙහි වියදම 30% කින් වැඩියි, මන්ද එය ලෝකයේ මෙවැනි ආකාරයේ පළමුවැන්නයි” යනුවෙන් IACAD හි අල් සුවයිඩි ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ අනාගතයේදී වසර 30ක් සමඟ පිරිවැය සමාන වනු ඇති බවයි.

IACAD දැනට ඩුබායි මහ නගර සභාව සමඟ සම්බන්ධීකරණය කරමින් සැලසුම පිළිබඳ අවසන් අනුමැතිය ලබා ගැනීමට නියමිතයි.

මෙම පල්ලිය ඩුබායි හි ත්‍රිමාණ මුද්‍රණ උපාය මාර්ගයේ කොටසක් වන අතර එය මානව වර්ගයාගේ යහපත සඳහා තාක්‍ෂණය භාවිතා කිරීම අරමුණු කර ගෙන 2030 වන විට නගරය ගෝලීය කර්මාන්ත ප්‍රමුඛයා ලෙස ස්ථානගත කිරීම අරමුණු කර ගෙන ඇත.

“ත්‍රිමාණ මුද්‍රණ තාක්‍ෂණයෙන් ඉදිකරන ලද ලොව ප්‍රථම මුස්ලිම් පල්ලිය සමඟින් ගොඩනැගුණු ලොව විශිෂ්ටතම ව්‍යාපෘතියක් වන අතර, මෙම කෘතිය අති උතුම් ෂෙයික් මොහොමඩ් මහතාගේ දැක්ම මත සිදු කරන ලද පරිවර්තනයක් බව IACAD අධ්‍යක්ෂ හමාඩ් අල් ෂයිබානි ජනරාල්වරයා පවසනවා.

Share.

Comments are closed.