මෙම වසරේ ඩුබායි සාප්පු සැණකෙළියේ (Dubai Shopping Festival) කලාතුරකින් ​උදාවෙන සුවිශේෂී අවස්ථාවක් ලබන සතියේ සාප්පු යන්නන් හට සඳහා උදාවෙනු  ඇත. ​සාප්පු සවාරි යන්නන්ගෙන් බදු අයකිරීමක් නොමැතිව මෙම භාණ්ඩ විකිණෙන බැවින් ඉතාමත් අඩුමිලට භාණ්ඩ මිලට ගැනීමේ හැකියාව පාරි​භෝගිකයින්ට උදාවෙනවා ඇ​ත.

දින හතක ප්‍රවර්ධන කාලයක් පුරාවට ප්‍රතිලාභ ලකුණු මත ඩිරාම් 10,000 දක්වා දිනා ගැනීමට පාරිභෝගිකයින්ට අවස්ථාව උදාවෙනු ඇ​ත.

Apparel Group වෙතින් ඉතා ජනප්‍රිය ”VAT on Us’ ප්‍රවර්ධනය ජනවාරි 16 සිට 22 දක්වා නැවත ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව නිවේදනය කර තිබෙනවා.

දින හතක් සඳහා, සියලුම Club Apparel සන්නාමවල සහ www.6thstreet.com හි මාර්ගගතව ඕනෑම භාණ්ඩයක් මිලදී ගන්නා සාප්පු හිමියන්ට බිලෙන් අමතර 5% ක් වට්ටම් ලැබෙනු ඇත.

Club Apparel විසින් පිරිනමන මුළු Club Apparel Points ම​ත ඩිරාම් 100,000 ක් ​ද පිරිනැමෙනවා. ප්‍රවර්ධන කාලසීමාව පුරාවට පාරිභෝගිකයින් 24 දෙනෙකුට ඩිරාම් 1,250 ක් වටිනා Club Apparel Points හිමිවන අතර තවත් හත් දෙනෙකුට ඩිරාම් 10,000 ක් වටිනා ලකුණු දිනා ගැනීමට අවස්ථාව ඇත.

සහභාගී වන සන්නාම වන්​නේ Crocs, Dune London, Hush Puppies, Toms, HEMA Amsterdam, R&B, Rituals, Lakeland, Nine West, Aldo, Aldo Accessories, LC Waikiki, Beverly Hills Polo Club, Herschel, Levi’s, Inglot, La Vie En Rose, The Children’s Place, Ardene, Aeropostale, Skechers, Athlete’s Co, Naturalizer, Charles & Keith, BBZ, Birkenstock, Call It Spring, Tommy Hilfiger, Calvin Klein, Moreschi, R&B Kids, Havaianas, CCC Shoes and Bags, F5 Global, Steve Madden, and New Yorker.

දේශීය සහ ගෝලීය සන්නාම මෙන්ම සජීවී ප්‍රසංග, එළිමහනේ වෙලඳපොලවල්, භෝජන සංග්‍රහය සහ තවත් බොහෝ දේවලින් පිරි මෙම වසරේ DSF අත්දැකීම වාර්ෂික උත්සවයේ මාලාවේ තවත් සුවිශේෂී එකකි.

Share.

Comments are closed.