එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ මහ බැංකුව (CBUAE) බැංකු, මූල්‍ය සමාගම්, විනිමය ආයතන සහ රක්ෂණ සමාගම්, නියෝජිතයන් හා තැරැව්කරුවන් ඇතුළු බලපත්‍රලාභී මූල්‍ය ආයතන (LFIs) සඳහා මුදල් විශුද්ධිකරණයට එරෙහිව සහ ත්‍රස්තවාදයට මූල්‍යකරණයට (AML/CFT) එරෙහිව සටන් කිරීම පිළිබඳ නව මාර්ගෝපදේශයක් නිකුත් කර ඇත.

බලපත්‍රලාභී මූල්‍ය ආයතන (LFIs) විසින් ඔවුන්ගේ පාරිභෝගිකයා තහවුරු කිරීමේ වගකීම් ක්‍රියාවලිය (CDD) සඳහා ඩිජිටල් හැඳුනුම්පත් පද්ධති භාවිතා කිරීම පිළි​බඳ මාර්ගෝපදේශනය මගින් පෙන්වා දෙනවා. මෙහිදී පුද්ගලයන් සම්බන්ධයෙන් අඛණ්ඩ පදනමක් මත මෙම තහවුරු කිරීමේ වගකීම් ක්‍රියාවලිය සිදු කිරීම සඳහා ඩිජිටල් හැඳුනුම් යාන්ත්‍රණ​යේ වැදගත්ක​ම අවධා​රන​ය කොට තිබෙනවා.

බලපත්‍රලාභී මූල්‍ය ආයතන විසින් ඩිජිටල් හැඳුනුම්පත් පද්ධති භාවිතය සම්බන්ධයෙන් අනන්‍යතා සනාථ කිරීම, සත්‍යාපනය කිරීමේ යාන්ත්‍රණයන් මාර්ගෝපදේශය විශේෂයෙන් විස්තර කරයි.

ඩිජිටල් හැඳුනුම්පත් පද්ධති භාවිතයේදී ඇති ආවේනික තාක්‍ෂණික සහ ආරක්‍ෂක අභියෝග ආමන්ත්‍රණය කිරීමට LFIs ප්‍රමාණවත් පියවර ගත යුතු වෙනවා. වැඩිවන සංකීර්ණත්වය සහ සයිබර් කඩකිරීම්වල බරපතලකම සැලකිල්ලට ගෙන, සයිබර් ප්‍රහාර, ආරක්ෂක කඩකිරීම් සහ සොරකම් කරන ලද, ව්‍යාජ හෝ කෘතිම හැඳුනුම්පත් භාවිතා කිරීම ඇතුළු අනන්‍යතා සනාථ කිරීම සහ ලියාපදිංචි වීමේ අවදානම් අවම කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂණ පිලිවෙත් ක්‍රියාත්මක කළ යුතුයි.

LFIs ඔවුන් තෝරා ගන්නා ඩිජිටල් හැඳුනුම්පත් පද්ධති මත ප්‍රමාණවත් සහතික මට්ටම් සහ යෝග්‍යතා තක්සේරු කිරීම් සිදු කිරීමට අපේක්ෂා කෙරෙනවා. ඩිජිටල් හැඳුනුම්පත් පද්ධතිවල නිරවද්‍යතාවය සම්බන්ධයෙන් ප්‍රමාණවත් සහතික කිරීමේ ප්‍රොටෝකෝල ක්‍රියාත්මක කිරීමට සහ බලාත්මක කිරීමට ඔවුන් බලාපොරොත්තු වන අතර සහතික සමාලෝචන සෘජුවම සිදු කිරීමට හෝ විශේෂඥ ආයතනයකින් විගණන හෝ සහතික කිරීමේ තොරතුරු ලබා ගැනීමට හැකියි.

Share.

Comments are closed.