වසර 93ක සාඩම්බර ඉතිහාසයක් ඇති කොළඹ 5 ලුම්බිණි විද්‍යාලයේ ආදි ලුම්බිනියන්ගේ සංගමය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන “OLA Cricket Carnival 2023” මහා ක්‍රිකට් සැනකෙළිය 2023 ජනවාරි 21 වෙනි දින පෙ.ව. 7 සිට දවස පුරාවටම කොළඹ BRC ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

මෙම අවස්ථාවට සහභාගී වන ලෙස ආදි ලුම්බිනියන්ගේ සංගමය විද්‍යාලයේ සිසුන්, ​ආදි සිසුන්, ගුරුවරුන්, ආදි ගුරුවරුන් සහ දෙමවුපියන්ට සාදරයෙන් ඇරයුම් ​ක​රනවා.

“OLA Cricket Carnival 2023” සඳහා ප්‍රධාන අනුග්‍රාහකත්වය දරනු ලබන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රධා​න ක්‍රීඩා සමාජයක් වන ශ්‍රී ලයන්ස් ක්‍රීඩා සමාජයයි.

සහභාගීවන සියලුදෙනා හට තම පාසල් දිවිය නැවත අනුස්මරණය කරන්නට තම පැරණි පාසල් මිතුරන්, පැරණි ගුරුවරුන්, පැරණි ගෝලයන් සමග එකට ​එක්වී විනෝදයෙන් කාලය ගතකිරිමට මෙය මහඟු අවස්ථාවක් වේවි.

Share.

Comments are closed.