ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) Silicon Oasis ස​හ Academic city වෙත සේවය සැ​පයෙ​න නව පාලම් දෙකක් විවෘත කර තිබෙනවා. මෙම මීටර් 120 ක් දිග පාලම් දෙක Sheikh Zayed bin Hamdan Al Nahyan වීදි​ය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියට අයත් වෙනවා. එය ඩුබායි-අල් අයින් මාර්ග මංසන්ධියේ සිට Academic City වටරවුම දක්වා කිලෝමීටර් 3 ක් දුරට විහිදෙනවා.

සෑම දිශාවකටම මංතීරු හතරකින් සමන්විත වන අතර, පාලම් දෙපස​ටම පැයකට වාහන 14,400 ක් හුවමාරුව​ට සහ ෂෙයික් සයීඩ් බින් හම්දාන් අල් නහියන් වීදි​යේ සුමට ගමනාගමනය සහතික කිරී​මේ හැකියාව තිබෙනවා.

මෙම ව්‍යාපෘතිය මගින් ඩුබායි Silicon Oasis පදිංචිකරුවන්ට, විශ්ව විද්‍යාල සහ විද්‍යාල 25ක 27,500ක​ට අධික ශිෂ්‍ය ජනගහනයක් මෙන්ම අවට සංවර්ධන ව්‍යාපෘති සඳහාද සේවය සපයයි.

මාර්ග සහ ප්‍රවාහන අධිකාරියේ (RTA) විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති, අධ්‍යක්ෂ ජනරාල් Mattar Al Tayer පැවසුවේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ උපසභාපති, අග්‍රාමාත්‍ය, ඩුබායි පාලකයා ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම් මහතාගේ උපදෙස් පරිදි නගරය පුරා සිදුවෙමින් පවතින සංවර්ධනය සමඟ වේගයෙන් ගමන් කිරීමට හැකිවන ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති බවයි.

“මෙම ව්‍යාපෘතිය RTA හි ප්‍රධාන සැලැස්මේ කොටසක් වන අතර එමගින් එමිරේට් හරහා වැඩිවන වාහන තදබදයට සහ සංචලනය පහසු කිරීමට මාර්ග, පාලම්, හරස් මාර්ග සහ උමං මාර්ග වැඩිදියුණු කිරීම සිදුකරනවා”, “එය ඩුබායි හි මාර්ග සහ පොදු ප්‍රවාහන ජාලවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා RTA හි උපායමාර්ගික සැලැස්මට ද අනුකූල වෙනවා.” ඔහු පැවසුවා.

Share.

Comments are closed.