යාපනය ශික්ෂණ රෝහලේදී පසුගියදා සිදුකල වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සාර්ථකව නිමවූ බවට රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය පී.සත්‍යමූර්ති මහතා පවසා සිටියා.

යාපනය ශික්ෂණ රෝහලේ විශේෂඥ වෛද්‍ය තම්බිපිල්ලෙයි තවචේන්දන්ගේ ප්‍රධානත්වයෙන් වෛද්‍යවරුන් හා රෝහල් කාර්ය මණ්ඩලයද එක්ව රෝහල් අධ්‍යක්ෂක වෛද්‍ය පී. සත්‍යමූර්ති මහතාගේද අධික්ෂණයෙන් මෙම වකුගඩු බද්ධ කිරීමේ ශල්‍යකර්මය සිදුකරනු ලැබුවේ පසුගිය 18 වනදායි.

වකුගඩු බද්ධකිරීමේ ශල්‍යකර්මය අවුරුදු 17 ක් වයසැති දැරියකට සිදුකර ඇති අතර එම වකුගඩුව ඇගේ මව විසින්ම දියණියට ප්‍රධානය කොට තිබුණි. වකුගඩුව බද්ධ කිරීමේ ශල්‍යකර්මය​ට භාජනය වූ මව සහ දියණිය මේ වන විට යහපත් සෞඛ්‍ය තත්වයේ පසුවන බවටද යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු පැවසුවා.

කෙසේ වෙතත් ජීවමාන පුද්ගලයෙකුගේ වකුගඩුවක් තවත් අයෙකුට බද්ධ කිරීමේ ශල්‍යකර්මයක් පළමු වතාවට යාපනය ශික්ෂණ රෝහලේ සිදුකිරීම වැදගත් සන්ධිස්ථානයක් බවටද එම රෝහලේ අධ්‍යක්ෂක වෛද්‍ය පී.සත්‍යමූර්ති මහතා වැඩිදුරටත් පැවසුවා.

Share.

Comments are closed.