Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Environment»එමිරේට්ස් ගුවන්යානා සඳහා 100% තිරසාර ගුවන් ඉන්ධන සමඟ බිම් පරීක්ෂාව සම්පූර්ණ කරයි
Environment

එමිරේට්ස් ගුවන්යානා සඳහා 100% තිරසාර ගුවන් ඉන්ධන සමඟ බිම් පරීක්ෂාව සම්පූර්ණ කරයි

Stanly KularathnaBy Stanly KularathnaJanuary 24, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායිහි ගුවන් සේවය වන එමිරේට්ස්, සාමාන්‍ය ගුවන් ගමන් සඳහා භාවිත වන ගුවන් ඉන්ධ​න වෙනුවට 100% තිරසාර ගුවන් ඉන්ධන වර්ගයක් භාවිත කල හැකිදැයි සොයා බැලීම​ට බිම් එන්ජින් පරීක්‍ෂණයක් සාර්ථකව නිමකල අත​ර එය තිරසාර ගුවන් ඉන්ධන භාවිත කර​න පළමු ගුවන් ගමනට පියවරක් සමීප කලා.

පරීක්ෂණය අතරතුර Boeing 777-300ER යානයේ GE90 එන්ජිමක් 100%ක් තිරසාර ගුවන් ඉන්ධන (Sustainable Aviation Fuel- SAF) භාවිතා කළ අතර අනෙක සාමාන්‍ය ඉන්ධන මත ධාවනය කලා. එන්ජිම, එහි ක්‍රියාකාරීත්වයට බලපාන්නේ නැතිව විශේෂයෙන් මිශ්‍ර කරන ලද 100% SAF මත ධාවනය කළ හැකිදැයි ගුවන් සමාගම පරීක්ෂා කලා. SAF භාවිතයේදී ගුවන් යානා පද්ධතිවල වෙනස් කිරීම් හෝ ගුවන් යානයේ හෝ එන්ජිමේ විශේෂ නඩත්තු ක්‍රියා පටිපාටි වල වෙනසක් නොමැති වීම විශේෂත්වයක්. SAF ඉන්ධනවල ජීවන චක්‍රයේ කාබන් විමෝචනය 80% දක්වා අඩු කරනවා.

පරීක්ෂණ ප්‍රතිඵල සාර්ථක වීම නිසා 100% SAF භාවිතා කරමින් මේ සතියේ පළමු පර්යේෂණාත්මක පියාසැරිය සඳහා ගුවන්ගත වීමට ගුවන් සමාග​ම සූදානම් වෙනවා.

ඉන්ධන වර්ග දෙකකින් ධාවනය වන එන්ජින් දෙකක් පරීක්ෂා කිරීම, එක් එක් ඉන්ධන වර්ගය යටතේ ඉන්ධන පද්ධතියේ හැසිරීම සහ ක්‍රියාකාරිත්වය වඩා හොඳින් විශ්ලේෂණය කිරීම, එක් එක් එන්ජිමේ නිශ්චිත නිමැවුම් සංසන්දනය කිරීමට සහ සැලසුම් කළ පරීක්ෂණ පියාසැරියේදී ගුවන් යානයේ එන්ජිමේ සහ ගුවන් ඉන්ධන පද්ධතිවල​ට බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම සහතික කිරීම මෙ​ම පර්යේෂණාත්මක පියාසැරියේ අරමුණ වෙනවා.

GE90 එන්ජින් මගින් බල ගැන්වෙන Emirates 777-300ER යානයක 100% SAF භාවිතා කරමින් පරීක්ෂණ පියාසැරියක් සිදුකිරීමේ වැඩසටහනක් සංවර්ධනය කිරීම සඳහා පසුගිය වසරේ Emirates, GE Aerospace සහ Boeing සමග අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කලා.

එමිරේට්ස් GE Aerospace, Boeing, Honeywell, Neste සහ Virent සමඟ 2022 වසර පුරා SAF ඉන්ධන මිශ්‍ර පරීක්ෂණ සඳහා හවුල්ව කටයුතු කර තිබෙනවා. මෙම හවුල්කරුවන් සාම්ප්‍රදායික ජෙට් ඉන්ධනවල අන්තර්ගත ගුණාංග සහ කාර්ය සාධන ලක්ෂණ සහිත සම්මිශ්‍රණයක් වැඩි දියුණු කර ඇති අතර බිම් පරීක්ෂණ සහ පර්යේෂණාත්මක පියාසැරි ක්‍රියාකාරකම් වටා ඇති තාක්ෂණික විශ්ලේෂණය සහ මෙහෙයුම් අවශ්‍යතා සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි විදේශිකයන් සඳහා ලෝකයේ 2 වන හොඳම නගරයයි
Next Article අබුඩාබිහි තනි භාවිත නිෂ්පාදන අඩු කිරීම දිරිමත් කිරීම​ට තරගයක්
Stanly Kularathna

Related Posts

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025

IMF කොන්දේසි වලට එකඟ නොවුනොත් ලංකාවට ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු සහයත් අහිමි වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.