ඩුබායිහි ගුවන් සේවය වන එමිරේට්ස්, සාමාන්‍ය ගුවන් ගමන් සඳහා භාවිත වන ගුවන් ඉන්ධ​න වෙනුවට 100% තිරසාර ගුවන් ඉන්ධන වර්ගයක් භාවිත කල හැකිදැයි සොයා බැලීම​ට බිම් එන්ජින් පරීක්‍ෂණයක් සාර්ථකව නිමකල අත​ර එය තිරසාර ගුවන් ඉන්ධන භාවිත කර​න පළමු ගුවන් ගමනට පියවරක් සමීප කලා.

පරීක්ෂණය අතරතුර Boeing 777-300ER යානයේ GE90 එන්ජිමක් 100%ක් තිරසාර ගුවන් ඉන්ධන (Sustainable Aviation Fuel- SAF) භාවිතා කළ අතර අනෙක සාමාන්‍ය ඉන්ධන මත ධාවනය කලා. එන්ජිම, එහි ක්‍රියාකාරීත්වයට බලපාන්නේ නැතිව විශේෂයෙන් මිශ්‍ර කරන ලද 100% SAF මත ධාවනය කළ හැකිදැයි ගුවන් සමාගම පරීක්ෂා කලා. SAF භාවිතයේදී ගුවන් යානා පද්ධතිවල වෙනස් කිරීම් හෝ ගුවන් යානයේ හෝ එන්ජිමේ විශේෂ නඩත්තු ක්‍රියා පටිපාටි වල වෙනසක් නොමැති වීම විශේෂත්වයක්. SAF ඉන්ධනවල ජීවන චක්‍රයේ කාබන් විමෝචනය 80% දක්වා අඩු කරනවා.

පරීක්ෂණ ප්‍රතිඵල සාර්ථක වීම නිසා 100% SAF භාවිතා කරමින් මේ සතියේ පළමු පර්යේෂණාත්මක පියාසැරිය සඳහා ගුවන්ගත වීමට ගුවන් සමාග​ම සූදානම් වෙනවා.

ඉන්ධන වර්ග දෙකකින් ධාවනය වන එන්ජින් දෙකක් පරීක්ෂා කිරීම, එක් එක් ඉන්ධන වර්ගය යටතේ ඉන්ධන පද්ධතියේ හැසිරීම සහ ක්‍රියාකාරිත්වය වඩා හොඳින් විශ්ලේෂණය කිරීම, එක් එක් එන්ජිමේ නිශ්චිත නිමැවුම් සංසන්දනය කිරීමට සහ සැලසුම් කළ පරීක්ෂණ පියාසැරියේදී ගුවන් යානයේ එන්ජිමේ සහ ගුවන් ඉන්ධන පද්ධතිවල​ට බාධාවකින් තොරව ක්‍රියාත්මක වීම සහතික කිරීම මෙ​ම පර්යේෂණාත්මක පියාසැරියේ අරමුණ වෙනවා.

GE90 එන්ජින් මගින් බල ගැන්වෙන Emirates 777-300ER යානයක 100% SAF භාවිතා කරමින් පරීක්ෂණ පියාසැරියක් සිදුකිරීමේ වැඩසටහනක් සංවර්ධනය කිරීම සඳහා පසුගිය වසරේ Emirates, GE Aerospace සහ Boeing සමග අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කලා.

එමිරේට්ස් GE Aerospace, Boeing, Honeywell, Neste සහ Virent සමඟ 2022 වසර පුරා SAF ඉන්ධන මිශ්‍ර පරීක්ෂණ සඳහා හවුල්ව කටයුතු කර තිබෙනවා. මෙම හවුල්කරුවන් සාම්ප්‍රදායික ජෙට් ඉන්ධනවල අන්තර්ගත ගුණාංග සහ කාර්ය සාධන ලක්ෂණ සහිත සම්මිශ්‍රණයක් වැඩි දියුණු කර ඇති අතර බිම් පරීක්ෂණ සහ පර්යේෂණාත්මක පියාසැරි ක්‍රියාකාරකම් වටා ඇති තාක්ෂණික විශ්ලේෂණය සහ මෙහෙයුම් අවශ්‍යතා සමඟ සහයෝගයෙන් කටයුතු කරනු ඇත.

Share.

Comments are closed.