ඔබට රජය සම්බන්ධ සේවාවක් සඳහා මාර්ගගතව අයදුම් කිරීමට අවශ්‍ය නම්, ඔබට සාමාන්‍යයෙන් යෙදුමක් බාගත කිරීම​ට හෝ ගිණුමක් සෑදීමට සිදුවේ. ඔබට ඔබගේ දුරකථනයේ වෙනත් යෙදුමක් බාගත කිරීමෙන් වැලකී සිටීමට අවශ්‍ය නම් හෝ දුරකථනයේ ඒ ​සඳහා ප්‍රමාණවත් ඉඩක් නොමැති නම්, ඔබට WhatsApp හරහාද අත්‍යාවශ්‍ය සේවාවන් පහසුවෙන් සම්පූර්ණ කළ හැකියි.

WhatsApp යනු ලෝකයේ වැඩිපුරම භාවිතා වන ක්ෂණික පණිවිඩ යැවීමේ යෙදුම් වලින් එකක් වන අතර මිනිසුන්ට ගැටලුවක් හෝ විමසීමක් කිරීමට අවශ්‍ය වූ විට රජයේ දෙපාර්තමේන්තු වෙත ළඟා විය හැකි මාර්ගයකි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ, බොහෝ ෆෙඩරල් සහ පළාත් පාලන දෙපාර්තමේන්තු වල WhatsApp ව්‍යාපාරික ගිණුම් ඇත.

ඔබ කළ යුත්තේ සරල ‘Hello’ යන වචන​ය සමඟ සංවාදය ආරම්භ කිරීමයි. මෙම WhatsApp සේවාවන් හරහා, ඔබට වාහන නැවැත්වීම සඳහා ගෙවීම් කිරීමට, අපරාධයක් වාර් තා කිරීමට හෝ වෛද්‍යවරයෙකුගේ හමුවීමක් වෙන්කරවා ගැනීමට හැකියි.

Whatsapp හි නිල රාජ්‍ය ගිණුම් හඳුනා ගන්නේ කෙසේද?

WhatsApp හි UAE රජයේ දෙපාර්තමේන්තු ව්‍යාපාරික ගිණුම් වන අතර ඒවා සත්‍යාපනය කර ඇත. මෙය සත්‍ය ව්‍යාපාරික ගිණුමක් බව තහවුරු කරමින් සම්බන්ධතාවයේ නම අසල හරිත ලාංඡනයක් ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ WhatsApp හි ඇති රාජ්‍ය සේවා හයක් පහත දැක්වෙනවා.

1. ඩුබායි හි පොදු වාහන නැවැත්වීම සඳහා ගෙවන්න

Whatsapp අංකය: 00971 58 8009090

ඩුබායිහිදී, ඔබට WhatsApp හරහා ඔබේ වාහන නැවැත්වීම සඳහා ගෙවිය හැකි අතර, එය පොදු වාහන නැවැත්වීම සඳහා SMS සේවාව වන mParking භාවිතා කරන විට ඔබට ගෙවන අමතර fils 30 සේවා ගාස්තුවෙන් මුදල් ඉතිරි කර ගැනීමටද උපකාරී වෙනවා.

මෙම WhatsApp සේවාව ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) වෙතින් වන අතර, 0097158 8009090 අංකයට WhatsApp හි RTA හි chatbot ‘Mahboub’ වෙත පණිවිඩයක් යැවීමෙන් ඔබ වාහන නැවැත්වීම සඳහා ගෙවීම් කල හැකි වෙනවා.

පියවර තුනකින් එය කරන්නේ කෙසේද ?

1. පළමුව, ඔබගේ සම්බන්ධතා ලැයිස්තුවට (Contact List) 00971 58 8009090 අංකය එක් කරන්න.

2. ඉන්පසු පහත ආකෘතියෙන් පණිවිඩය යවන්න: [වාහන තහඩු අංකය] හිස්තැනක් [කලාප අංකය] හිස්තැනක් [කාලසීමාව].

උදාහරණයක් ලෙස: A00000 තහඩු අංකයක් සහිත වාහන නැවැත්වීමේ කලාපයේ – 000A- පැය දෙකක් ගාල් කිරීමට ඔබට අවශ්‍ය නම්, ඔබට පහත පණිවිඩය Whatsapp හි එවිය යුතුය: A00000 000A 2

3. වාහන නැවැත්වීම සඳහා ගෙවීම පහත ආකාර දෙකෙන් එකකින් ඔබගෙන් අයකරනු ලැබේ:

වාහන නැවැත්වීමේ ගාස්තුව අනුව, දුරකථනය පෙ​රගෙවුම් අංකයක් නම්, ඔබේ ජංගම දුරකථන ශේෂයෙන් මුදල අඩු කරනු ලැබේ නැතහොත් ඔබේ දුරකථන බිල්පතට එකතු කරනු ලැබේ.

RTA හි ‘e-Wallet’ ගිණුම හරහා – RTA ආශ්‍රිත සේවාවන් සඳහා ගෙවීමේ ක්‍රමයක් ලෙස ඔබගේ e- Wallet භාවිතා කිරීමට මෙම සේවාව ඔබට හැකියාව ලබා දෙයි. ඔබ මෙම විකල්පය තෝරා ගන්නේ නම්, ඔබගේ ක්‍රෙඩිට් හෝ ඩෙබිට් කාඩ් භාවිතයෙන් ගෙවීම සිදු කිරීමට සබැඳියක් (Link) ඔබට ලැබෙනු ඇත.

ඔබ ගෙවීම සම්පූර්ණ කළ පසු, ඔබේ වාහන නැවැත්වීමේ ප්‍රවේශ පත්‍රය තහවුරු කරන SMS එකක් ඔබට ලැබෙනු ඇත. ඔබේ තහඩු අංකය සහ වාහන නැවැත්වීමේ ප්‍රවේශ පත්‍රය ස්වයංක්‍රීයව සම්බන්ධ වේ.

ඔබට #Dubai හි පොදු වාහන නැවැත්වීමේ ගාස්තු WhatsApp 00971588009090 හි #Mahboub හරහා පහසුවෙන් ගෙවිය හැකි අතර සාමාන්‍ය SMS ගාස්තුවෙන් ෆිල් 30ක් ඉතිරි කර ගැනීමට සඳහන් මෙම පියවර අනුගමනය කරන්න. මෙය ජාත්‍යන්තර දුරකථන අංක සහිත අමුත්තන් සඳහා ද ලබා ගත හැකිය.

2. කම්කරු පැමිණිල්ලක් ගොනු කරන්න

Whatsapp අංකය: 6005 90000

ඔබට මානව සම්පත් සහ එමරාතිකර​න අමාත්‍යාංශය (MOHRE) විසින් සත්‍යාපනය කරන ලද WhatsApp ගිණුම හරහා ද කම්කරු ගැටලු සම්බන්ධ පැමිණිලි ඉදිරිපත් කළ හැකිය. ඔබට 6005 90000 අංකය සුරැකීමට අවශ්‍ය වන අතර පසුව Whatsapp හි පණිවිඩයක් යවන්න. එවිට ඔබ MOHRE වෙතින් පාරිභෝගික සේවා නියෝජිතයෙකු හා සම්බන්ධ වනු ඇත.

ඔබට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කම්කරු නීතියට සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයක් ඉදිරිපත් කළ හැකිය, අයදුම්පතක් මත පසු විපරම් කිරීම, සහ කම්කරු නීතිය, සහ එහි විධායක රෙගුලාසි, මෙන්ම ගෘහ සේවිකාවන් පිළිබඳ නීතිය සහ වැඩ පරිසරය නියාමනය කරන අනෙකුත් UAE අමාත්‍ය නියෝග වෙත ප්‍රවේශ විය හැකිය.

සේවාව පැය 24 පුරා ලබා ගත හැකි අතර තොරතුරු අරාබි සහ ඉංග්‍රීසි භාෂා​වන් දෙකෙන්ම ලබා ගත හැකිය.

3. ඔබේ DEWA බිල්පත් පරීක්ෂා​ව සහ ඔබේ විදුලිය සහ ජල පරිභෝජනය පරීක්ෂා කරන්න:

Whatsapp අංකය: 04 6019999

ඩුබායි විදුලිබල හා ජල අධිකාරිය (DEWA) WhatsApp සේවාව 2019 දී දියත් කරන ලද අතර, පාරිභෝගිකයින්ට ඔවුන්ගේ විදුලිය සහ ජල සම්බන්ධතාවයට අදාළ ඕනෑම විමසීමක් සඳහා උපකාර ලබා ගැනීමට Dewa 24×7 සමඟ සම්බන්ධ වීමට සහ සන්නිවේදනය කිරීමට ඉඩ සලසයි.

WhatsApp සේවාව බලගන්වන්නේ AI (Artificial Intelligence) Chatbot හරහායි, එය DEWA වෙතින් සේවා ලැයිස්තුවක් සපයන අතර ඔබට අවශ්‍ය සේවා වර්ගය තෝරාගත හැකියි.

WhatsApp සේවාව හරහා, ඔබට ඔබේ DEWA බිල්පත බැලීමට සහ ඔබේ උපයෝගිතා බිල්පතෙහි සඳහන් වන ඔබේ ‘ගිණුම් අංකය’ ලබා දීමෙන් ඔබේ පරිභෝජනය පරීක්ෂා කළ හැකියි

4. Al Ameen සේවාව හරහා අපරාධයක් වාර්තා කරන්න

Whatsapp අංකය: 0097154 800 4444

ඔබ කිසියම් නීතිවිරෝධී ක්‍රියාවක් දුටුවහොත් හෝ අපරාධයකට ගොදුරු වී ඇත්නම්, ඔබට එය ඩුබායි පොලිසියේ අල් අමීන් සේවාව හරහා වාර්තා කළ හැකියි.

ඔබට WhatsApp හි අංකය – 0097154 800 4444 සුරැකීමෙන්, ඔවුන්ගේ ගාස්තු රහිත අංකය – 800 4444 ඇමතීමෙන් හෝ ඔවුන්ගේ සමාජ මාධ්‍ය හැසිරවීම් හරහා ඔවුන්ව සම්බන්ධ කර ගැනීමෙන් – @alamenservice වෙත ළඟා විය හැකියි.

Al Ameen සේවාව 2003 දී දියත් කරන ලද අතර, ඔවුන්ගේ සේවාවන් පුරවැසියන්ට, පදිංචිකරුවන්ට සහ අමුත්තන්ට ආරක්ෂිත සහ රහසිගත සන්නිවේදන මාර්ග සපයයි.

WhatsApp සේවාව පැය විසිහතර පුරාම ක්‍රියාත්මකව පවතී.

අල් අමීන්ට අනුව, ඔවුන්ගේ නියෝජිතයින් ඔබට කිසිදු නීතිමය ප්‍රතිවිපාකවලට මුහුණ නොදෙන බවට වග බලා ගැනීම සඳහා ඔබේ අනන්‍යතාවය සහ පුද්ගලික තොරතුරු රහසිගතව තබා ගනී.

5. ඩුබායි හි කාන්තාවන්ට සහ ළමයින්ට එරෙහි අපයෝජන හෝ ප්‍රචණ්ඩත්වය වාර්තා කරන්න

Whatsapp අංකය: 00971800111

ගෘහස්ථ අපයෝජනයට හෝ හිරිහැරයට ගොදුරු වූවන්ට +971800111 අංකයෙන් WhatsApp හරහා කාන්තාවන් සහ ළමුන් සඳහා ඩුබායි පදනම (DFWAC) වෙත සම්බන්ධ විය හැකිය. වින්දිතයින්ට මනෝචිකිත්සක, සමාජීය හෝ නීති උපදෙස් ඉල්ලා සිටිය හැකියි.

මෙම සේවාව 2022 දෙසැම්බර් මාසයේදී දියත් කරන ලද අතර පදනමේ ප්‍රතිචාර කාලය කෙටි කිරීම අරමුණු කරයි. WhatsApp සේවාවට අමතරව, DFWAC හට 24×7 උපකාරක අංකය 800111 වේ.

6. අබුඩාබි හි වෛද්‍ය හමුවීමක් වෙන්කරවා ගන්න

WhatsApp අංකය: 00971 24102200

ඔබ අබුඩාබි හි පදිංචිව සිටින්නේ නම්, ඔබට අබුඩාබි සෞඛ්‍ය සේවා සමාගම (seha), සෞඛ්‍ය පහසුකම්, සායන හෝ රෝහල්වල වෛද්‍ය හමුවීමක් වෙන්කරවා ගත හැකියි.

සේවාව හරහා, ඔබට නව සහ පසු විපරම් හමුවීම් වෙන්කරවා ගැනීම් සිදු කිරීමට සහ කළමනාකරණය කිරීමට, හමුවීම් අවලංගු කිරීමට, සහ වෙන් කර ඇති සියලුම හමුවීම් ප්‍රදර්ශනය කිරීමට හැකියි.

ඔබට වෛද්‍ය හමුවීමක් වෙන්කරවා ගැනීමට අවශ්‍ය නම්, සුරකින ලද අංකයට පණිවිඩයක් යවන්න. ඔබගේ එමිරේට්ස් හැඳුනුම්පත සහ ලියාපදිංචි දුරකථන අංකය භාවිතයෙන් ඔබට සත්‍යාපන පරීක්‍ෂණයකට මුහුණ දීමට සිදුවේ.

WhatsApp සේවාව නිල වශයෙන් 2021 දී දියත් කරන ලද අතර, වෙන් කර ඇති, වෙනස් කරන ලද හෝ අවලංගු කරන ලද සියලුම හමුවීම් පිළිබඳ විස්තර ලබා ගැනීමේ හැකියාවද පවතිනවා.

Share.

Comments are closed.