ඩුබායි මෝල් වෙළඳ සංකීර්ණය විවෘත වී වසර 14කට පසු නව නමක් TikTok වීඩියෝවක් මගින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. එය දැනුම් දී ඇත්තේ මීට පෙර හැඳින්වූ “The Dubai Mall” දැන් සරලවම “Dubai Mall” ලෙස වෙනස් වී ඇති බවයි. මෙම වෙනස බොහෝදෙනෙකුට එතරම් දැනෙන වෙනසක් නොවන බව සමාජ මාධ්‍ය වල හුවමාරු වන අදහස් මගින් පැහැදිලි වෙනවා.

“අපගේ නව වෙළඳ සංකීර්ණයේ නම හඳුන්වා දීම” යන මාතෘකාවෙන් TikTok වීඩියෝ​ව ප්‍රසිද්ධ කොට තිබුණා. “නව නම, නමුත් තවමත් ඔබේ ප්‍රියතම වෙළඳ සංකීර්ණය” යනුවෙන්ද සඳහන්ව තිබුණා.

සමාජමාධ්‍ය වල හුවමාරුවූ අදහස් කීපයක් මාධ්‍ය වල මෙසේ සඳහන් වුනා

“මම ඩුබායි මෝ​ල් භාවිතා කරන නිසා ම​ට එය කියන ආකාරය බලපාන්නේ නැහැ” කෙනෙක් පැවසීය.

වෙළෙඳ සංකීර්ණයේ නමේ ‘The’ තිබෙන බව තමන්ට නොතේරුණු බව සමහරු කීහ.

“පළමු ස්ථානයේ ‘The’ එකක් තිබූ බව මට අමතක විය” පරිශීලකයෙක් පැවසුවා.

මෙම පියවරෙන් පසුව, වෙළඳ සංකීර්ණය එහි TikTok, Instagram සහ Facebook ගිණුම්වල නව නම භාවිතා කල බව මාධ්‍යයන් හි ​සඳහන් වූවා. නමුත් තවමත් ඔවුන්ගේ වෙබ් පිටුවේ නම වෙනස් වී නැහැ. තත්වය මෙසේ තිබියදී සමහර මාධ්‍ය සහ ​වෙබ් පිටු සඳහන් කොට තිබුනේ මෙම නම් වෙනස්වීමේ පුව​ත තවමත් නි​ලනොවන එකක් බවයි.

Share.

Comments are closed.