එක්සත් අරාබි එමීර් රාජ්‍යය සෑම වසරකම සාමාන්‍යයෙන් පැය 1,000 ක පමණ වලාකුළු වැපිරීමක් (cloud seeding) සිදු කරන බව අඟහරුවාදා අබුඩාබිහි පැවති ජාත්‍යන්තර වැසි වැඩිදියුණු කිරීමේ සංසදයට සමගාමීව අනාවරණය විය.

එක්සත් අරාබි එමීර් රාජ්‍යය මේ වන විට වර්ෂාව වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන 18ක් (ඩිරාම් මිලියන 66) ආයෝජනය කර ඇති බව ඉහළම කාලගුණ විද්‍යා විශේෂඥයෝ පවසති.

මෙම සංසදය පැවැත්වෙන්නේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ජනාධිපති අධිකරණ අමාත්‍ය ෂෙයික් මන්සූර් බින් සෙයිඩ් අල් නහියන්ගේ ප්‍රධානත්වයෙනි.

ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානයේ (NCM) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය Abdulla Al Mandous විසින් ප්‍රධාන දේශනය පවත්වන ලද අත​ර නියෝජ්‍ය අගමැති සහ ජනාධිපති අධිකරණ අමාත්‍ය Sheikh Mansour Bin Zayed Al Nahyan මෙසේ පැවසීය: “ගෝලීය පාරිසරික අරමුණු ඉටුකරගැන්ම සඳහා, විශේෂයෙන් දේශගුණික විපර් යාස සහ ජල සුරක්ෂිතතාවයට සම්බන්ධ වූවන්ට සහය දැක්වීමටත්, විද්‍යාත්මක හා ආර්ථික න්‍යාය පත්‍රයේ මූලික අංගයක් ලෙස නවෝත්පාදනයන් අනුගමනය කිරීමටත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කැපවීම පූර්ණ සහයෝගය නොකඩවා ලබාදෙනවා”

Share.

Comments are closed.