Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමු ගනී

May 23, 2025

2025 පළමු කාර්තුවේදී Ethihad ගුවන් සේවය වාර්තාගත ආදායමක් උපයයි

May 23, 2025

Dubai Summer Surprises ජූනි 27 වනදා සිට ඇරඹෙයි

May 23, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 24
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»ඩුබායි මෙට්‍රෝ Route 2020 ව්‍යාපෘති කළමනාකරණය සඳහා ඉහළම සම්මානය දිනා ගනී
RTA

ඩුබායි මෙට්‍රෝ Route 2020 ව්‍යාපෘති කළමනාකරණය සඳහා ඉහළම සම්මානය දිනා ගනී

Stanly KularathnaBy Stanly KularathnaJanuary 28, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි හි මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) Route 2020 ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ව්‍යාපෘති කළමනාකරණ ආයතනය (PMI) වෙතින් පිළිගන්වන මෙගා ව්‍යාපෘති සම්මානය දිනා ගෙන තිබෙනවා. 8 වැනි ඩුබායි ජාත්‍යන්තර ව්‍යාපෘති කළමනාකරණ සංසදය​ට සමගාමීව ව්‍යාපෘති කළමනාකරණ ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති Jennifer Tharp, PMP, Cdir අතින් RTA හි අධ්‍යක්ෂ ජනරාල් සහ විධායක අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති අතිගරු Mattar Al Tayer සම්මානය ලබා ගන්නා ලදී.

Route 2020, PMI හි මෙගා ව්‍යාපෘති සම්මානයෙන් පිදුම් ලැබුවේ PMI විසින් අනුගමනය කරන ලද ඉහළම ප්‍රමිතීන් සහ පාලන ක්‍රමවේද භාවිත​යේදී පෙන්නුම් කරන ලද සුවිශේෂී නිපුණතාවය අගයමිනි. මෙම සම්මානය මඟින් ව්‍යාපෘති කළමනාකරණ භාවිතයන්හි විශිෂ්ට කාර්ය සාධනයක් ලබා දෙන ආයතන හඳුනා ගනු ලබනවා.

Route 2020, ඩුබායි මෙට්‍රෝහි රතු මාර්ගය Jebel Ali දුම්රිය ස්ථානයේ සිට 2020 Expo 2020 ස්ථානය දක්වා විහිදේ. මෙම මාර්ගයට උස් දුම්රිය ස්ථාන 5 ක් සහ භූගත දුම්රිය ස්ථාන 2 ක් ඇතුළත් වෙනවා.

Route 2020 ව්‍යාපෘතිය, The Gardens, Discovery Gardens, Al Furjan, Jumeirah Golf Estates, Dubai Investments Park සහ Expo වැනි ජනාකීර්ණ ප්‍රදේශවලට සේවය සපයයි. මෙම මාර්ගයෙන් සේවය සැලසෙ​න ඇස්තමේන්තුගත ජනගහනය පුද්ගලයින් 270,000 ක් පමණ වන අතර Dubai Marina සිට Expo දක්වා ගමනට මිනිත්තු 16 ක් ගතවේ.

ඩුබායි මෙට්‍රෝහි Route 2020, ඩුබායි හි ජීවිතයට අනාගත මානයක් එක් කරන අතර ගෝලීය ගමනාන්තයක් ලෙස නගරයේ අග​ය වැඩි දියුණු කරයි. මගී ජනතාව​ට ඔවුන්ගේ ප්‍රියතම ස්ථාන, නිවාස සහ සේවා ස්ථාන වෙත සම්බන්ධ කිරීම සඳහා ජෙබෙල් අලි දුම්රිය ස්ථානයේ සිට එක්ස්පෝ 2020 දුම්රිය ස්ථානය දක්වා නැවතුම් ස්ථාන හ​තක් තිබෙනවා. එය ඩුබායි හි මනරම් නාගරික බිම් සලකුණු සහිත වාස්තු විද්‍යාත්මක​ව විශිෂ්ට කෘතියක් බවට පත්කෙරෙනවා.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous ArticleUAE හි වැසි ජලයෙන් යට වූ වාහන වල​ට රක්ෂණ වන්දි ඉල්ලා සිටිය හැකිද?
Next Article දසුන් ශානක හා වනිඳු හසරංග ගැටෙන ILT 20 තරගය අද : ටිකට්ස් නොමිලේ !!!!
Stanly Kularathna

Related Posts

මැතිව්ස් ජාත්‍යන්තර ටෙස්ට් පිටියෙන් සමු ගනී

May 23, 2025

2025 පළමු කාර්තුවේදී Ethihad ගුවන් සේවය වාර්තාගත ආදායමක් උපයයි

May 23, 2025

Dubai Summer Surprises ජූනි 27 වනදා සිට ඇරඹෙයි

May 23, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.