ලොව ප්‍රථම සහ එකම මිනිසුන් රහිත ස්මාර්ට් පොලිස් ස්ථාන වන ඩුබායි ස්මාර්ට් පොලිස් ස්ථාන (SPS), පසුගිය වසරේ ගනුදෙනු 107,719 ක් (වාර් තා 16,083 ක් ඇතුළුව) ක්‍රියා කර ඇත. මෙම සේවාව අරාබි, ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, ජර්මන්, රුසියානු සහ චීන යන භාෂා හතකින් පිරිනමනු ලබනවා.
ලොජිස්ටික් සහාය සඳහා වන සාමාන්‍ය දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ සහ ස්මාර්ට් පොලිස් ස්ථාන සඳහා රජයේ සහ පෞද්ගලික අංශයේ කණ්ඩායමේ ප්‍රධානී මේජර් ජෙනරාල් අලි අහමඩ් ඝානිම් පැවසුවේ ඩුබායි පොලිසිය, නිලධාරීන්ගේ මැදිහත් වීමකින් තොරව පැය විසිහතර පුරාම ස්මාර්ට් සේවාවන් සමඟ ඩිජිටල් පරිවර්තනයේ පුරෝගාමීන් ලෙස මෙම හඳුන්වාදීම ගැන ආඩම්බර වන බවයි.
“SPS ව්‍යාපෘතියේ සාර්ථකත්වයෙන් පිළිබිඹු කරන්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයයේ උප සභාපති සහ ඩුබායිහි පාලකයා අග්‍රාමාත්‍ය අතිගරු ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටූම්ගේ උපදෙස් පරිදි ඩුබායි පොලිස් ප්‍රධාන අණදෙන නිළධාරීන්ගේ සහ ප්‍රජා සාමාජිකයින්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ රජයේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට ඇති උනන්දුවයි.” Ghanim පැවසුවා.
“ඩුබායි වැසියන්ට, අමුත්තන්ට සහ සංචාරකයින්ට පහසුවෙන් සහ ඉහළම ප්‍රමිතීන්ට අනුව ඉහළ මට්ටමේ සේවාවන් සපයන මෙම ස්මාර්ට් පොලිස් ස්ථාන හරහා මිනිසුන්ගේ මැදිහත් වීමකින් තොරව පැය 24 පුරාම ස්මාර්ට් පොලිස් සේවාවන් ලබා ගත හැකිය” Ghanim වැඩිදුරටත් පැවසීය.
Smart Police Station (SPS), drive-thru, walk-in මගින් අරාබි, ඉංග්‍රීසි, ස්පාඤ්ඤ, ප්‍රංශ, ජර්මන්, රුසියානු සහ චීන යන භාෂා හතකින් ප්‍රජා පාදක පොලිස් සේවාවන් සපයයි.ඩුබායිහි විවධ ස්ථාන 22 කදී මෙම SPS සේවාවන් ලබා ගත හැක.