කෘත්‍රිම බුද්ධිය (AI) භාවිත කරන ඩුබායි විදුලිබල හා ජල අධිකාරියේ (DEWA) ‘Rammas’, 2017 පළමු කාර්තුවේ දියත් කළ දින සිට 2022 දෙසැම්බර් අවසානය දක්වා මිලියන 6.8 කට අධික විමසීම්වලට පිළිතුරු ලබා දී තිබෙනවා.

DEWA හි කළමණාකාර අධ්‍යක්ෂ​ක සහ ප්‍රධාන විධායක නිලධාරී, Saeed Mohammed Al Tayer පැවසුවේ, DEWA විසින් Rammas දියත් කරන ලද්දේ සිය සියලු මෙහෙයුම් සහ සේවාවන් ලබාදීමේදී කෘත්‍රිම බුද්ධිය භාවිතා කිරීමේ උපාය මාර්ගයේ කොටසක් ලෙස බවයි. Rammas ස්මාර්ට් නාලිකා භාවිතය දිරිමත් කරයි, DEWA හි පාරිභෝගික සතුටු මධ්‍යස්ථාන වෙත පැමිණෙන පාරිභෝගික සංඛ්‍යාව අඩු කරනවා.

“කෘතිම බුද්ධිය (AI), මිනිසුන් රහිත ගුවන් වාහන (UAVs), බලශක්ති ගබඩා කිරීම සහ අන්තර්ජාලය ආශ්‍රිත සම්භන්ධතාවය (IoT) වැනි දේවල් සිව්වන කාර්මික විප්ලවයේ තාක්ෂණයන් මෙන්ම තාක්ෂණික යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සහ සැපයීම මගින් DEWA අනාගතය කෙරෙහි අවධානය යොමු කරයි. මෙය කෘත්‍රිම බුද්ධිය සඳහා වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික උපායමාර්ගය සහ ඩුබායි ලොව බුද්ධිමත්ම සහ ප්‍රීතිමත්ම නගරය බවට පත්කිරීමේ Smart Dubai මුලපිරීම සඳහා සහය දක්වයි” Al Tayer පැවසුවා.

Share.

Comments are closed.