සාජා වොරියර්ස් සහ අබුඩාබි නයිට් රයිඩර්ස් කන්ඩායම් දෙක අත​ර ඩුබායි ඉන්ටර් නැෂනල් ස්ටේඩියම් හිදී ඊයේ සවස පළමු තරඟ​ය ආරම්භ වූවා. එහිදී කාසියේ වාසිය දිනාගත් සාජා වොරියර්ස්  කණ්ඩාය​ම පන්ඳු යැවීමට තීරණය කලා.

අබුඩාබි නයිට් රයිඩර්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර් 20 තුල කඩුලු 4කට ලකුණු 149 ලබා ගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල සාජා වොරියර්ස්  කණ්ඩාය​ම පන්ඳු ඕවර් 17 තුල කඩුලු 6කට ලකුණු 150 ලබාගෙන කඩුලු 4 ක ජයක් වාර්ථා කලා.


ඩුබායි කැපිටල්ස් හා ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම් දෙක අත​ර ඩුබායි ඉන්ටර් නැෂනල් ස්ටේඩියම් හිදී ඊයේ රාත්‍රී දෙවන තරඟ​ය ආරම්භ වූවා. එහිදී කාසියේ වාසිය දිනාගත් ඩුබායි කැපිටල්ස් කණ්ඩාය​ම පන්ඳු යැවීමට තීරණය කලා.

ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර් 20 තුල කඩුලු 9කට ලකුණු 149 ලබා ගත්තා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ඩුබායි කැපිටල්ස් කණ්ඩාය​ම පන්ඳු ඕවර් 20 තුල කඩුලු 5කට ඔවුනට ලබාගත හැකිවූයේ ලකුණු 137 පමණයි.

ඒ අනුව ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම ලකුණු 12 ක ජයක් වාර්ථා කලා.

මෙම ගර​ඟයේදී වනිඳු හසරංග තම කණ්ඩායම වෙනුවෙන්  එක් 4 පහරක් සමගින් ලකුණු 9 ලබාගත්තා. ඔහු පන්ඳු යවමින් ඕවර් 4කට ලකුණු 28 ලබාදී එක් කඩුල්ලක් ලබාගත්තා. ඒ ඔහුගේ ප්‍රතිවාදී පිලේ දසුන් ශානකගේ විකට්ටුව වීම විශේෂ සිදුවීමක්. මෙම දැවීයාම සිදුවූයේ වනිඳු හසරංග යැවූ පන්ඳුවට ඔහු අතටම දසුන් ශානක ලබා දුන් උඩපන්ඳුවකින්.

මතීෂ පතිරණ පන්ඳු යවමින් ඕවර් 3කට ලකුණු 23 ලබාදුන්නා. ඔහුට කඩුලු ලබාගත නොහැකි වූවත් ලාබාල පිතිකරුවෙකු ලෙස දක්ෂ ලෙස පන්ඳු යැවීම සම්භන්ධයෙන් විස්තර විචාරකයන්ගේ ඇගයීමට ලක්වුණා.

දසුන් ශානක ඩුබායි කැපිටල්ස් කණ්ඩාය​ම වෙනුවෙන් ලකුණු 24 රැස්කළ අතර ​ඒ 6 පහර 2 ද සමගින්.

අද පැවැත්වෙන තරග​ය

ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම සහ එම්. අයි. එමිරේට්ස් කන්ඩායම අතර පැවැත්වෙන ක්‍රිකට් තරග​ය සාජා ක්‍රිකට් ස්ටේඩියම් හිදී අද රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

ඩෙසර් ට් වයිපර් ස් කන්ඩායම නියෝජනය කරමින්

  • වනිඳු හසරංග
  • මතීෂ පතිරණ
  • දිනේෂ් චන්දිමාල් ක්‍රීඩා කිරීමට නියමිතයි

එම්. අයි. එමිරේට්ස් කන්ඩායම ​නියෝජනය කරමින් කිසිම ලාංකික ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරන්නේ නැහැ

Share.

Comments are closed.

Exit mobile version