සාජා වොරියර්ස් කන්ඩායම සහ ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම අතර ඊයේ සාජා ක්රිකට් ස්ටේඩියම් හිදී පැවැති ක්රිකට් තරගයෙන්
ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායමට ලකුණු 22 ක තියුණු ජයක් ලැබුවා.
මෙහිදී කාසියේ වාසිය දිනාගත් ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම මුලින්ම පන්ඳුවට පහරදීම තෝරාගත්තා.
ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 6 කට ලකුණු 148 රැස්කලා.
පිලිතුරු ඉනිම ක්රීඩා කල සාජා වොරියර් ස් කන්ඩායමට සිය පන්ඳු ඕවර 20 තුල රැස්කිරීමට හැකිවූයේ කඩුලු 8 කට ලකුණු 126 පමණි.
ඩෙසර් ට් වයිපර් ස් කන්ඩායම නියෝජනය කරමින් ක්රීඩා කල වනිඳු හසරංග
සිය පන්ඳු යැවීමේ දක්ෂතාව නැවතත් ඔප්පු කරමින් පන්ඳු ඕවර 4 කට ලකුණු 13 ලබාදී කඩුලු 3 ලබාගත්තා.
අද පැවැත්වෙන තරගය
එම්. අයි. එමිරේට්ස් කන්ඩායම සහ ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම අතර අද පැවැත්වෙන ක්රිකට් තරගය අබුඩාබි සයිඩ් ක්රිකට් ස්ටේඩියම් හිදී රාත්රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.
මෙම කන්ඩායම් දෙකම නියෝජනය කරමින් කිසිම ලාංකික ක්රීඩකයෙකු ක්රීඩා කරන්නේ නැහැ
ILT-20 තරගාවලිය පුරාවට සෑම ක්රිකට් තරග අතරවාරයේදීම ක්රීඩාලෝලීන් පපරේ සංගීත රිද්මයෙන් පිනවන්නට පිටියට නව ජීවයක් එක් කරන්නට විශේෂයෙන් ආරාධිත Mendis & the Clans පපරේ බෑන්ඩ් කණ්ඩායම මෙහිදී ඔබ සමග එක්වනු ඇති.