නිවැසියන්ට වංචනික කෙටි පණිවුඩ (SMS/TEXT) සහ ඇමතුම් ලබා ගැනීමේ නව වංචාවක් පිළිබඳව අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය මහජනතාවට අනතුරු අඟවා තිබෙනවා.

දුරකථන ඇමතුම් සහ පණිවිඩ යවනු ලබන්නේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සේවය කරන බව කියන පුද්ගලයින් විසින් වන අතර, වින්දිතයාගේ පුද්ගලික තොරතුරු අමාත්‍යාංශයේ පද්ධතිය තුළ යාවත්කාලීන කිරීමට අවශ්‍ය වේ යැයි ඔවුන් දන්වා සිටී. ඔවුන් වින්දිතයාගෙන් ඉල්ලා සිටින්නේ ඔවුන්ට වින්දිතයාගේ පුද්ගලික තොරතුරු බෙදා ගන්නා ලෙසයි.

නිවැසියන්ගේ පුද්ගලික තොරතුරු (SMS/TEXT)  හරහා යාවත්කාලීන නොකරන බව අමාත්‍යාංශය අවධාරණය කරයි. සැක සහිත ඇමතුම් හෝ කෙටි පණිවුඩ ලබා ගැනීමේදී ප්‍රවේශම් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටියි.

Share.

Comments are closed.