ශ්‍රී ලාංකික රියැලිටි වංශකථා​වේ හොඳම නිර්මාණයක් ලෙස සැලකෙන ශිහාන් මිහිරංග බොහෝ විට ශ්‍රී ලංකාවේ තාරුණ්‍යයේ “සිහින කුමරා” ලෙසයි හැඳින්වෙන්නේ. ලාංකික සංගීත ක්ෂේත්‍රයේ හැකියාවන් ගොන්නක් තුරැළුකරගත් ඔහු ජනප්‍රිය සංගීතඥයෙක්, තනු නිර්මාපකයෙක් සහ ගීතරචකයෙක් ද වෙනවා.

ශිහාන් ඩුබායි දේශයට පැමිණෙන්නේ වසර 7 වැනි දිගු විරාමයකට පසුවයි.

එවැනිම තවත් රියැලිටි නිර්මාණයක් ලෙස හැඳින්විය හැකි ​ අතිශය ජනප්‍රියත්වයට පත් සුන්දර ගීත එකතුවකට උරුම කම් කියන ගායිකාවක් විදිහට කාංචනා අනුරාධිව හඳුන්වන්න පුළුවන්.

තරුණ සිත් වශීකරවන මනමෝහනීය හඬකට උරුම කම් කියන ජනප්‍රිය මෙන්ම දක්​ෂ මෙම ගායක සුසංයෝගය එකම වේදිකාවකදී තම නිර්මා​ණයන් ඔබ අතරට ගෙන එන්නේ ප්‍රථම වතාවටයි. ඔබ සවන් පිනවමින්, ගීත එකතුව තුල ඒකාත්මික වෙමින් සංගී​ත​ය රසවිඳින්න​ට, අමතක නොවන අත්දැකීමක් එක්කරගන්නටයි මේ ආරාධනය.

තැප්‍රෝබේන් ඉවෙන්ට්ස් සාඩම්​බරයෙන් ඉදිරිපත් කරනු ලබන,

LOVE & LIGHT LIVE IN DUBAI ප්‍රේමණීය සංගීත රාත්‍රිය

2023 පෙබරවාරි 18 වෙනි සෙනසුරාදා

රාත්‍රි 8.30 සිට පසුදින අළුයම 2.30 දක්වා

ඩුබායි Sheikh Zayed Road Crown Plaza හෝටලයේදී.

සංගීත වේදිකාව​ට නැවතත් එක්වන ශිහාන් මිහිරංග හා  කාංචනා අනුරාධිගේ ආදරණීය ගීත එකතුවෙන් සහ HOT CHOCOLATE සංගීත කණ්ඩායමේ ලයාන්විත සංගීත රිද්මයෙන් ​ප්‍රේමාන්විත වන්නට, ඔබගේ ආදරණීයන් සමග සංගීතවත් වන්න.

ඉදිරිපත් කිරීම මාධව විජේසිංහ සහ DJ ප්‍රබෝධ සමගින්

වැඩිදුර විමසීම් : 054 334 3364 – 054 303 1528 – 055 665 1885

Share.

Comments are closed.