Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ

May 20, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, May 21
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Emirates»එමිරේට්ස් ගුවන් යානය​ක ගුවන් ගමන අත​රේ දරු උපතක්
Emirates

එමිරේට්ස් ගුවන් යානය​ක ගුවන් ගමන අත​රේ දරු උපතක්

Stanly KularathnaBy Stanly KularathnaFebruary 1, 2023Updated:February 2, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ටෝකියෝ සිට ඩුබායි දක්වා පැමිණි එයාර්බස් A-380 ගුවන් යානයක, දරු උපතක් සිදුවී තිබෙනවා. මෙම දරු උපත සිදුව තිබෙන්නේ ගුවන් ගමන පැය 12යි මිනිත්තු 12ක අතරතුරදීයි. ​දරු උපතක් වැනි වෛද්‍ය අවධානය අත්‍යාවශ්‍ය මොහොතකදීත්, ඒ ​සඳහා වෙනත් ගුවන් තොටුපළකට ගුවන් යානය ගොඩබස්වන්නේ නැති​ව නි​යමිත වේලාවට ඩුබායි වෙත පැමිණි බවයි වාර්ථා වෙන්නේ. මෙම ගුවන් යානය ගොඩබස්වා ඇත්තේ ජනවාරි 19 වැනිදාය.

වාණිජ ගුවන් ගමන් වල මැදිරි කාර්ය මණ්ඩලයට, හදවත් සංකූලතා හෝ දරු ප්‍රසූතිය වැනි ගුවන් ගමන අත​රේ ඇති විය හැකි වෛද්‍ය අවශ්‍යතා සඳහා සහාය වීම සඳහා පුළුල් පුහුණුවක් ලබා දෙනවා. ගුවන් යානයේ කපිතාන්වරයා, අණ දෙන නියමුවා ලෙස ඔහුගේ හෝ ඇයගේ කාර්යභාරය ඉටු කිරීමට, හදිසි අවස්ථාවකදී වෙනත් ගුවන් තොටුපළකට හරවා යැවිය හැකියි. කෙසේ වෙතත්, මෙම ගුවන් යානයේ, කාර් ය මණ්ඩලය අපේක්ෂිත ගමනාන්තය වන ඩුබායි වෙත පැමිණියා. මගියා සහ නව බිළිඳා​ට යානය ගොඩබෑමෙන් පසු වෛද්‍ය ප්‍රතිකාර ලබා දුන්නා.

ගර් භණී සමයේදී ගමන් කිරීම සඳහා නීති

වාණිජ ගුවන් යානා වල දරු උපත් ඉතා දුර්ලභ වෙනවා. අනෙකුත් වාණිජ ගුවන් සේවාවන්ට සාපේක්ෂ​ව, එමිරේට්ස්හි ගර්භණීභාවයේ අවසාන අදියරවල කාන්තාවන් සඳහා ගමන් සීමා කිරීමේ දැඩි නීති පනවා තිබෙනවා.

ගර්භණී සමයේදී ගමන් කිරීම පිළිබඳ එමිරේට්ස් හි ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීමෙන් පෙන්නුම් කරන්නේ මගීන්ට ඔවුන්ගේ ගර්භනීභාවයේ 29 වැනි සතිය දක්වා ගුවන් ගමන් වෙන්කරවා ගත හැකි බවයි. සංකූලතා හෝ වෛද්‍ය ගැටළු නොමැති නම්. ගැබ්ගැනීමේ 29 වන සතියේ සහ ඉන් ඔබ්බට, වෛද්යවරයෙකුගෙන් හෝ වින්නඹු මාතාවකගෙන් ලිපියක් අවශ්‍ය වෙනවා. එමිරේට්ස් විසින් 32 වැනි සතියේ සහ ඉන් ඔබ්බට බහු ගැබ් ගැනීමකදී (නිවුන් දරුවන්) ​හෝ 36 වැනි සතියේදී හෝ ඉන් ඔබ්බට තනි ගැබ් ගැනීමකදී ගමන් කිරීමට අවසර නොදේ.

මෙවන් නීති රීති මැද ගුවනේ දරු උපත් වඩ වඩාත් දුර්ලභ එකක් වෙනවා. කෙසේ වෙතත්, යුනයිටඩ් එයාර් ලයින්ස්හි 2022 ජනවාරි මස මුලදී අත්ලාන්තික් සාගරයේ ගුවන් යානයක ගුවන් මැද උපතක් වාර්තා වුනා.

පසුගිය වසරේ අගභාගයේදී, ෆ්‍රොන්ටියර් 2022 මැයි 17 වන දින ඩෙන්වර් ජාත්‍යන්තර ගුවන් තොටුපළේ සිට ඕර්ලන්ඩෝ ජාත්‍යන්තර ගුවන්තොටුපළ දක්වා වූ එහි එක් ගුවන් යානයක ගුවනේ මැද උපතක් වාර්තා වුනා.

මෙවැනි සිදුවීම් වලදී, මැදිරි කාර්ය මණ්ඩලය සහ අනෙකුත් මගීන් තවත් කෙනෙකු​ගේ අවශ්‍යතා වලදී අන් අයට උපකාර කිරීමට පියවර ගැනීම, ඉවසීම, සන්සුන්කම සහ ඔවුන්ගේ කුසලතාවන් වඩාත්ම අවශ්‍ය විට ලබාදීම වැනි මනුෂ්‍යත්වයේ විශිෂ්ට ගති ලක්ෂණ පෙන්නුම් කිරීමක්.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිද්‍යුත් වංචා, බ්ලැක්මේල් පිළිබඳ අමාත්‍යාංශය අනතුරු ඇඟවීමක් කරයි
Next Article ILT20 තරඟාවලියේ ගල්ෆ් ජයන්ට්ස් කන්ඩායම​ට කඩුලු 5 ක ජයක්
Stanly Kularathna

Related Posts

එමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ

May 20, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.