2021 වසරට සාපේක්ෂව 2022 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණ විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ප්‍රමාණය 31% කින් පහළ ගොස් තිබෙනවා. 2021 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 5,491 ක් වූ ශ්‍රමික ප්‍රේෂණ 2022 වසරේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 3789ක් දක්වා පහළ ගොස් තිබුණා. ශ්‍රී ලංකා මහ බැංකුව 2022 වසරට අදාළව නිකුත් කළ බාහිර අංශ ක්‍රියාකාරිත්​ව වාර්තාවේ මේ බව දැක්වෙනවා.

කෙසේ වෙතත් 2022 වසරේදී අග භාගයේදී ශ්‍රී ලංකාවට විදෙස් ශ්‍රමික ප්‍රේෂණ ලැබීම් සැලකිය යුතු ආකාරයට ප්‍රකෘතියක් ලබා තිබෙනවා.

නොවැම්බරයේ ඩොලර් මිලියන 384ක් වූ ප්‍රේෂණ ප්‍රමාණය දෙසැම්බර් මාසයේදී ඩොලර් මිලියන 476 දක්වා ඉහළ ගොස් තිබුණා. මෙය 2022 වසරේ වාර්තා වූ ඉහළම මාසික ප්‍රේෂණ ප්‍රමාණය වෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්තාවට අනුව, 2022 වසරේ විදේශ රැකියා සඳහා පිටත්ව ගිය මුළු සංඛ්‍යාව 299,934ක් ලෙස වාර්තාවී තිබු​ණ අතර, ප්‍රධාන වශයෙන් නුපුහුණු 101,786 දෙනෙකුත්, නිපුණතා ඇති 88,215 දෙනෙකුත් සහ ගෘහාශ්‍රිත රැකියා සඳහා 73,781 දෙනෙකුත් යන කාණ්ඩවලින් දායක වී තිබුණා.

Share.

Comments are closed.