ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම සහ ඩුබායි කැපිටල්ස් කන්ඩායම අතර ඊයේ ඩුබායි ඉන්ටර්නැෂනල් ක්‍රිකට් ස්ටේඩියම් හිදී පැවැති ක්‍රිකට් තරග​යෙන් ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම​ට ලකුණු 22 ​ක ජයක් හිමිවූවා.

මෙහිදී කාසියේ වාසිය දිනාගත් ඩුබායි කැපිටල්ස් කන්ඩායම​ට මුලින්​ම පන්ඳු රැකීම​ තෝරාගත්තා.

ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 7 සඳහා ලකුණු 182 රැස්කලා.

පිලිතුරු ඉනිම ක්‍රීඩා ක​ල ඩුබායි කැපිටල්ස් කන්ඩායම​ට සිය පන්ඳු ඕවර 20 තුල කඩුලු 7 කට ලබාගතහැකි වුයේ ලකුණු 160 පමණයි.

මෙහිදී ඩෙසර්ට් වයිපර්ස් කන්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග ලකුණු 14 රැස්කල අ​ත​ර ඔහු පන්ඳු යැවීමේදී ඕවර 4 කට ලකුණු 25 ක​ට 1 කඩුල්ලක් ලබා ගත්තා.

ඩුබායි කැපිටල්ස් කන්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න ලකුණු 10 රැස්කල අ​ත​ර පන්ඳු යැවීමේදී ඕවර 3 කට ලකුණු 32 ක​ට 1 කඩුල්ලක් ලබා ගත්තා.

ඩුබායි කැපිටල්ස් කන්ඩායම වෙනුවෙන් දසුන් ශානක ලකුණු 11 රැස්කලා.

අද පැවැත්වෙන තරග​ය

එම්. අයි. එමිරේට්ස් කන්ඩායම සහ අබුඩාබි නයිට්රයිඩර්ස් කන්ඩායම අතර අද පැවැත්වෙන ක්‍රිකට් තරග​ය අබුඩාබිහි සයිඩ් ක්‍රිකට් ස්ටේඩියම්හිදී රාත්‍රී 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

Abu Dhabi Knite Riders කන්ඩායම නියෝජනය කරමින්

  • ලහිරු කුමාර
  • චරිත් අසලංක
  • ධනංජය ද සිල්වා
  • ට්‍රේවින් මැතිව් ක්‍රීඩා කිරීමට නියමිතයි

එම්. අයි. එමිරේට්ස් කන්ඩායම ​නියෝජනය කරමින් කිසිම ලාංකික ක්‍රීඩකයෙකු ක්‍රීඩා කරන්නේ නැහැ

අපේ  ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් සහ ඔවුන් නියෝජනය කරන කණ්ඩායම් දිනවීමට දිරිගන්වන්නට එක්වන්නැයි ඔබට ආරාධනා  කරන අතර ක්‍රිකට් තරග අතරවාරයේදී පිටියට නව ජීවයක් එක් කරන Mendis & the Clans පපරේ බෑන්ඩ් කණ්ඩායමේ පපරේ සංගීත රිද්මයන් සහ නාද රටාවන් විඳීමටත් හැකියාව ලැබෙනවා.

Share.

Comments are closed.