ලේසර් කිරණ මත පදනම් වූ දුරස්ථ සංවේදන තාක්ෂණය භාවිතයෙන් මාර්ග වායු විමෝචන හඳුනාගෙන ප්‍රමාණනය ගනනය කරන නව පද්ධතියක් අබුඩාබි හි දියත් කර ඇත.

The Environment Agency – Abu Dhabi (EAD) නිවේදනය කළේ නවතම තාක්‍ෂණය භාවිතයෙන් අබුඩාබියේ මාර්ගවල වාහන වායු විමෝචන දුරස්ථව මැනීම ආරම්භ කරන බවයි.

මෙම ව්‍යාපෘතිය එක්සත් ජනපදයේ 4 Earth Intelligence Environmental Consultancy LLC (4EI) සහ Hager Environmental & Atmospheric Technologies (HEAT) සමඟ හවුල්කාරිත්වයෙන් සිදු කෙරෙනවා.

දුරස්ථ සංවේදක පද්ධතියක් වන මෙහි වායු විමෝචන හඳුනාගැනීම සහ වාර්තා කිරීම කරනු ඇත. එහි ලේසර් මත පදනම් වූ සංවේද​ක භාවිතයෙන් මාර්ග වායු විමෝචන හඳුනාගෙන ප්‍රමාණනය ගනනය කරනු ඇත. පරීක්ෂණ කාලය සති තුනක් පවතිනු ඇති අතර අබුඩාබි හි විවිධ ස්ථාන හයක් හරහා මෙම පරීක්ෂණ පවත්වනු ලැබේ.

මෙම තාක්‍ෂණය හරහා, චලනය වන වාහනයක ඉන්ධන දහනයේදී විමෝචනය වන විවිධ වායූන් තත්‍ය කාලීනව නිවැරදිව හඳුනා ගැනීමට සහ ප්‍රමාණ ගනන කිරීමට EAD හට හැකි වේ. මෙම පද්ධතිය​ට වාහන බලපත්‍ර තහඩු අංකය හඳුනා ගැනීමට අමතරව, වාහනයේ සන්නාමය, මාදිලිය, ඉන්ධන වර්ගය, වායු විමෝචන ප්‍රමිතිය සහ වාහන​යේ බර වැනි වාහනයේ තාක්ෂණික තොරතුරු ලබා ගැනීමට හැකියාව ඇ​ත. මෙම අධ්‍යයනයේදී පුද්ගලික දත්ත කිසිවක් භාවිතා නොකරනු ඇත.

මෙම පරීක්ෂණ සඳහා අබුඩාබි පරිසර ඒජන්සිය, අබුඩාබි පොලිසිය, මහ නගර සහ ප්‍රවාහන දෙපාර්තමේන්තු​වේ (DMT) ඒකාබද්ධ ප්‍රවාහන මධ්‍යස්ථානය (ITC) සහ අධීක්ෂණ සහ පාලන මධ්‍යස්ථානය (MCC) ඇතුළු අබුඩාබිහි ප්‍රධාන ආයතන තුනක් හවුල්  වෙනවා. අති නවීන තාක්‍ෂණය භාවිතයෙන් අබුඩාබියේ මාර්ගවල දුරස්ථව වාහන වායු විමෝචනය මැනීම මෙම ව්‍යාපෘතියට ඇතුළත් වෙ​නවා.

Share.

Comments are closed.