Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

එමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ

May 20, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»දින 12ක් පුරා පැවැත්වෙන සාජා ආලෝක සැණකෙළිය
Events

දින 12ක් පුරා පැවැත්වෙන සාජා ආලෝක සැණකෙළිය

Stanly KularathnaBy Stanly KularathnaFebruary 3, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සාජා ආලෝක සැණකෙළිය (Sharjah light fest), සාජාහි සංස්කෘති​ය, බුද්ධිමය සහ ඓතිහාසික උරුමයන්,  එමිරේට්ස්හි අභිලාෂයන් ආලෝකය සහ දර්ශන අනුසාරයෙන් ගෙනහැර දැක්වීම මෙන්ම එ ආශ්‍රිත විවිධ නිර්මාණයන් ඉදිරිපත් කිරීමට දේශීය හා ජාත්‍යන්තර කලාකරුවන් සඳහා වේදිකාවක් බවට පත්ව තිබෙනවා.

එමීර් රාජ්‍යය පුරා ප්‍රමුඛ ස්ථාන ආවරණය කරමින්, මෙවර සාජා ලයිට් ෆෙස්ටිවල් ක්‍රියාත්මක වන අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සහ විදේශයන්හි සියලුම වයස්වල පවුල් සහ පුද්ගලයන් සඳහා සංදර්ශන, කලා සංදර්ශන සහ විනෝදාස්වාද ක්‍රියාකාරකම් වලින් පිරී තිබෙනවා. එය පෙබරවාරි 8 සිට 19 දක්වා දින 12 ක්  The Light Village ගම්මානයේදී පැවැත්වෙනවා.

“සාජා තමන්ගේ ප්‍රමුඛ ගමනාන්තයක් බවට පත් වී ඇති අතර ආලෝක සැණකෙළිය එමිරේට්ස් හි වාර්ෂික න්‍යාය පත්‍රයේ ප්‍රධාන සිදුවීමක් බවට පත්ව තිබෙනවා” සාජා වාණිජ හා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති Khalid Jasim Al Midfa පැවසීය.

සාජා ආලෝක සැණකෙළිය පැවැත්වෙන The Light Village ගම්මානයට අමතරව, සාජා නගරයේ ප්‍රධාන ස්ථානයන් 13 ක් විස්මිත ආලෝක සංදර්ශන ස​හ සංගීතය යන දෙකෙහි සම්මිශ්‍රණක් මගින් මෙවර වර්ණවත් කෙරෙනු ඇති.

එම ස්ථාන වන්නේ.

  • විශ්වවිද්‍යාල නගර ශාලාව
  • අල් නූර් පල්ලිය
  • Khalid Lagoon Corniche
  • සාජා මුස්ලිම් පල්ලිය
  • අල් මජාස් වෝටර් ෆ්‍රන්ට්
  • සාජා කොටුව (Al Hisn)
  • අල් හම්රියා මහ නගර සභා ගොඩනැගිල්ල
  • අල් ඩායිඩ් බලකොටුව
  • Khorfakkan හි Al Rafisah වේල්ල
  • කල්බා ඔරලෝසු කණුව
  • Dibba Al Hisn හි Sheikh Rashid bin Ahmed Al Qasimi මුස්ලිම් පල්ලිය
  • Beeah සමූහයේ මූලස්ථානය.
  • The Light Village

වර්ග මීටර් 19,000 ක භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති The Light Village ගම්මානය, එමීර් රාජ්‍ය​ය සතු කුඩා හා මධ්‍යම ප්‍රමාණයේ ව්‍යාපෘති 41 කට සත්කාරකත්වය සපයන අතර, අමුත්තන්ට ආහාර, පාන සහ රසකැවිලි වර්ග රාශියක් පිරිනමයි.

එමීර් රාජ්‍යයේ සංචාරක අධිකාරිය මෙම උත්සවය පුරාවට 60,000කට අධික නරඹන්නන් ලයිට් විලේජ් වෙත ආකර් ෂණය කර ගැනීම අරමුණු කරයි.

Featured Sharjah UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනවතම තාක්ෂණයෙන් අබුඩාබියේ වාහන සඳහා වායු විමෝචනය මැනී​මේ නව පද්ධතියක්
Next Article බලපත්‍ර නොමැතිව අරමුදල් රැස් කිරීම, සහය දැක්වීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා ඩිරාම් 500,000 දක්වා දඩ
Stanly Kularathna

Related Posts

එමීර් රාජ්‍යයේ පළමු Air Taxi සේවාව අල් අයින් හිදී ඇරඹේ

May 20, 2025

TIN අංකය ලබා ගැනීම අනිවාර්යයි – සංශෝධන සඳහා කැබිනට් අනුමැතිය

May 20, 2025

Dubai Al Ain මාර්ග පාලමේ ගමන් කාලය අඩු කෙරේ

May 20, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.