Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»75 වැනි නිදහස් උළෙල අදයි
Events

75 වැනි නිදහස් උළෙල අදයි

Stanly KularathnaBy Stanly KularathnaFebruary 4, 2023No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ 75 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් හා අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ, ගාලු මුවදොර දී අද (4) පෙරවරුවේ පැවැත්වේ.

‘නමෝ නමෝ මාතා සියවසකට පියවරක්’ යන්න මෙවර නිදහස් දින සැමරුම් තේමාවයි.

ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ කටයුතු පෙරවරු 7.30ට ආරම්භවීමට නියමිතය.

ශ්‍රී ලංකා යුද හමුදාව විසින් ජනාධිපතිවරයා උත්සව භූමියට සම්ප්‍රාප්තවීම සැලකෙරෙන හොරණෑ වාදනය කිරීමෙන් පසු ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් ජනාධිපතිවරයාව උත්සව භූමියේ ප්‍රධාන කොඩි කණුව අසලට කැඳවාගෙන යාම සිදුවන අතර, ඉන් අනතුරුව මඟුල් බෙර වාදන හා සක් පිඹීම් මධ්‍යයේ ජනාධිපතිවරයා ජාතික ධජය නංවනු ඇත.

එම අවස්ථාවේ දී පාසල් සිසු සිසුවියන් 105 දෙනකු ජාතික ගීය ගායනා කරන අතර, ඉන්පසු ජනාධිපතිවරයා විශේෂ පීඨිකාව අසලට කැඳවාගෙනයාමත්, පාසල් සිසුවියන් විසින් ජයමංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගාථාව ගායනා කිරීමත් සිදුවේ.

ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය, ස්වෛරීභාවය, භෞමික අඛණ්ඩතාවය වෙනුවෙන් දිවි පිදූ සියලු ශ්‍රී ලාංකිකයින් සිහිපත් කරමින් විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක් ආරක්‍ෂා කිරීම අනතුරුව සිදුකෙරේ.

ඉන්පසු ජනාධිපති උත්තමාචාර ආචාර වෙඩි මුර 21ක් පිරිනැමීම සිදුවන අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාවල ශ්‍රී ලංකා පොලීසිය, සිවිල් ආරක්‍ෂක බලකාය සහ ජාතික ශිෂ්‍ය භට බලකාය විසින් පවත්වනු ලබන නිදහස් දින ආචාර පෙළපාලිය ආරම්භවන්නේ ඉන්පසුවය. මෙවර නිදහස් දින සැමරුම් පෙළපාලියට ත්‍රිවිධ හමුදා, පොලිස්, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු සහ ශිෂ්‍ය භට සාමාජිකයන් 6,385 දෙනෙක් සහභාගී වන අතර, යුද හමුදා සාමාජිකයන් 3,284 ක්, නාවික හමුදා සාමාජිකයන් 867 ක්, ගුවන් හමුදා සාමාජිකයන් 695 ක්, පොලීසියෙන් 336 ක්, පොලිස් විශේෂ කාර්ය බලකා සාමාජිකයන් 220 ක්, සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයන් 437ක් සහ ජාතික ශිෂ්‍යභට බලකා සාමාජිකයන් 546 ඊට ඇතුළත්ය. පෙළපාලියට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ 390ක් ද ඇතුළත් අතර, විශ්‍රාමික නිලධාරීන් 21 දෙනකු සහ ආබාධිත නිලධාරීන් 29 දෙනකු එහි ගමන් කිරීමට නියමිතය. උත්සව භූමියට ඉහළ අහසේ සිට ගුවන් හමුදා ප්‍රහාරක යානා සහ ගාලු මුවදොර මුහුදේ සිට නාවික හමුදා යාත්‍රා ද දස්කම්පෑමට නියමිතය. එමෙන්ම පැරෂුට් සංදර්ශනයක් ද මෙම උළෙලට ඇතුළත්ය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Article93km දිගු දේශගුණික පාලනයකින් යුත් පාපැදි අධිවේගී මාර්ග සංකල්පය ඩුබායි හි එළිදක්වයි
Next Article සාජා හි අද පැවැත්වෙ​න ජ​ංගම මධ්‍යස්ථානය හරහා රියදුරු බලපත්‍රය අලුත් කරන්න, රථවාහන දඩ ගෙවන්න
Stanly Kularathna

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.